අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැති හරිනි සහ කාදිනල් හිමි අතර සාකච්ඡාවක්

සටහන – රුවන් නෙළුගොල්ල

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගමැති හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් අගොස්තු 07 වැනිදා කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්වී තිබේ.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව අගරදගුරුතුමන් එහිදී සිය විශේෂ අවධානය යොමු කර ඇත.

එම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ අගමැති හරිනි අමරසූරිය මහත්මිය,

“අපි මුහුණදෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා, එකක් තමයි ළමයින් පාසල් පද්ධතියෙන් ඉවත්වීම, පාසල් ළමයින් ලක්ෂ 3ක් මේ පද්ධතියට ඇතුළත් වුණාම ඉන් 40,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. තවත් 30,000ක් පමණ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හෝ විදේශ අධ්‍යාපනය සඳහා පිටත්ව ගියත් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඉතුරු වෙනවා. මේක තමයි ලොකුම ගැටලුව, මොකක්ද කරන්නේ මේකට, ඒ සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණත් හැකියාවන් සමඟ පාසල්වලින් පිටව යනවා.ඒ වගේම අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව සෑම වසරකටම ළමයින් 20,000ක් පාසල් අධ්‍යාපනය අතරමඟ අත්හරිනවා.ඒ විසිදාහෙන් ළමයින් 5,000ක් නීතිවිරෝධි ක්‍රියාකාරකම් සඳහා යොමු ‍වුණොත් ඒක රටට ලොකු විනාශයක්”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...