*
Monday, May 6, 2024
spot_img

Latest Posts

13 වැනි ව සංශෝධනය පිළිබඳ ජනපතිගේ අදහස

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ , ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවයි.

ඔහු අවධාරණය කළේ මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවයි.

තවද, ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ,
පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට ජනාධිපති සුදානමින් සිටින බවත් , පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි බවයි.

නීති සම්පාදනය සඳහා ද තවත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කර සිටි අතර , විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී පැහැදිලි කළේය.

විශ්වාසවන්තව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළ අතර , රටේ සංවර්ධනය රඳාපවතින්නේ මෙම නව ප්‍රවේශය අනුගමනය කිරීම දිරිගන්වමින් නැවුම් දිශානතියක් සඳහා ගනු ලබන ඒකාබද්ධ උත්සාහයන් මත වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan