*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව හිරගෙවල් තරුණයින්ගෙන් පුරවන්න හදනවාද ? – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බවත් ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එළඹෙන දොළොස් වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කොටගෙන ආණ්ඩුව මේ රටේ හිරගෙවල් තරුණයින්ගෙන් පිරවීමට කටයුතු කරනවා දැයි යන්න සැකයක් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව විසින් කරනු ලබන මේ මර්දනය වහා නවතා දැමිය යුතු යැයි ද අවධාරණය කළේය. ආණ්ඩුව විසින් සිදු කරනු ලබන සිදු කරනු ලබන මේ මර්දනය සහ රාජ්‍ය මිලේච්ඡත්වය, සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් තරයේ හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකවරයා අභිරහස් ලෙස තරුණයින් අතුරුදහන් කිරීම පිටුපස සිටින හස්තය කුමක් දැයි හෙළි කළ යුතු යැයි ද සඳහන් කළේය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හදිසි නීතිය වහා අහෝසි කොට සාමාන්‍ය නීතියට රට පත් කළ යුතු යැයිද එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ රාජ්‍ය මර්ධනය නවතා දමා හදිසි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ඊයේ (09) පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයේදී ය.

සර්වපාක්ෂික රට ගොඩනගන ඒකාබද්ධ වැඩසටහනට පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ යුතු විධායක කමිටු ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා රජයට යෝජනා කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබූ බව කී විපක්ෂ නායකවරයා ඒ හරහා රට ගොඩනැගීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ සහයෝගය ලබාදීමට ද තීන්දු කරනු ලැබූ බව කීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan