ඇමති ටිරාන් සහ TNA මන්ත්‍රීවරුන් අතර 13 නෙන් පොලිස් බලතල බෙදීම ගැන විශේෂ සාකච්ඡාවක්

Date:

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පෙරේදා (9) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතූන් විමසා සිටියේය.

එහිදී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ලෝකයේ අනෙකුත් රටවල් උදාහරණයට ගනිමින් බලය බෙදීමේ අවශ්‍යතාව පැහැදිලි කෙරුණු අතර දෙමළ ජාතිකයින් මුහුණදෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.පොලිස් බලතල නොබෙදා එම ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල් වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ඨ අයුරින් සිදු වූ බව පෙන්වා දුන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු එහිදී භාවිතා කරන ක්‍රමවේදයන් ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට හැකි බව පැහැදිලි කළේය. එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා එංගලන්තය සහ ශ්‍රී ලංකාවෙහි දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බව පෙන්වා දුනි.

දෙමළ ජනතාවට සහ දෙමළ දේශපාලන නායකයින්ට දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ උවමනාව කුමක්ද යන්න මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වන්නේ, දිස්ත්‍රික් කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා දුර බැහැර ගෙවාගෙන කොළඹට පැමිණෙන්නට සිදුවීම හා ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මකවීමේ ගැටළුවක් තිබීම නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පැවසූහ.

එසේම පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් යෝජිත කරුණු වලට අලුතින් කිසිවක් එක් නොවෙන නමුත් ජාතික පොලිස් කොමිසමට අමතරව පළාත් පොලිස් කොමිසමත් පත් කිරීමේ අවශ්‍යතාවයක් මතුවන බව ද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.

මේ වන විට උතුරු ප්‍රදේශය පුරාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සිදු වීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇති බවත් තරුණ දරුවන් බොහොමයක් අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බවත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පැවසූහ.

එවැනි කරුණු සම්බන්ධයෙන් පවතින තොරතුරු ඕනෑම අවස්ථාවක මත්ද්‍රව්‍ය හා පාතාල සංවිධාන සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ පොලිස් කමිටුවට ලබා දෙන ලෙසත් එලෙස ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් අදාල විශේෂ පොලිස් කමිටුව ක්‍රියාත්මක කර ඇති බවත් ඕනෑම අවස්ථාවක ඊට අදාළ තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හැකි බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.

මෙම හමුව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා,පොලිස්පති සී.ඩී.සී.ඩී.වික්‍රමරත්න මහතා,බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පොලිසියේ ඉහල නිලධාරීන් සම්බන්ධ වූ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ.සුමන්තිරන් මහතා, ෂානක්කියන් රාසමාණික්කම් මහතා,ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා,චාල්ස් නිර්මලනාදන් මහතා සහ සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සහාභාගී විය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි දෙසතියකින් මීළඟ සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...