ඉන්දු – ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය පත්කෙරේ

රෂිකා හෙන්නායක අගෝස්තු 12 , කොළඹ LNW :

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ උපනායකත්වය කමිඳු මෙන්ඩිස් වෙත පවරා ඇත්තේ කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

මෙහි වඩාත් සුවිශේෂී සිදුවීම වන්නේ වසර කිහිපයකට පසු කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබීමයි.

මීට අමතරව, පසිඳු සූරියබණ්ඩාර සහ කේෂර නුවන්ත යන නවක ක්‍රීඩකයින් දෙදෙනාටද ප්‍රථම වරට ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව ලැබී තිබේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සහ දක්ෂ නවකයන්ගෙන් සමන්විත සමබර කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකා සංචිතය

ධනංජය ද සිල්වා – නායක
ලහිරු උදාර
නිශාන් මධුෂ්ක
කමිඳු මෙන්ඩිස් – උපනායක
දිනේෂ් චන්දිමාල්
පසිඳු සූරියබණ්ඩාර
සොනාල් දිනූෂ
නිරෝෂන් දික්වැල්ල – කඩුලු රකින්නා
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
කේශර නුවන්ත
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
ළහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
දිල්ෂාන් මධුෂංක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...