*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පැනිලි තිත්තයි – ඇත්ත ඊට වඩා තිත්තයි

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉදිරියෙන්ම හිටියෙ පැනිලිවලින්.ඒ පැනිලි උස පැනිලි,දුර පැනිලි වගේ දේවල් වුණානම් කොච්චර හොඳද?හැබැයි එහෙම පැනිලි පනින්න දිරි දෙන විදිහක්,හැඩයක් හරියට නැති රටක වෙන්න පුළුවන් පැනිලි තමයි හොරෙන් පැනිලි.මේ පාර ඒකෙ කප් එක අපිට.ක්‍රීඩකයො නිලධාරියො ඔක්කොම 12 යි.
හැබැයි මේ පැන්නෙ පළමු වතාවට නෙමෙයි.මීට ඉස්සරත් ක්‍රීඩකයො පැන්නා.නිලධාරි පැන්නා.ඒ නිසා මේ වැඩේ අරුමයක් නෙමෙයි.අරුමය වෙන්නෙ පනින්න හේතු තවමත් ඉතුරුවෙලා තිබීමයි.
කාලෙකින් මේ පාර පැනිල්ල දකුණු ආසියාව පැත්තට හැරුණෙ.2018 දි ගෝල්කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලිය තරගවලදි අතුරුදහන්විම් 19 යි.ඒ සියල්ල අප්‍රිකානු මහද්විපයෙන්.කැමරුන්,උගන්ඩාව සහ රුවන්ඩාව නියෝජනය කරපු අය තමයි මේ විදිහට අතුරුදහන් වුණේ.මේ පාර ඒ තත්ත්වය වෙනස් වෙලා.ඒ සමහර රටවල ආර්ථිකය වෙන රටවල හොරකම් කරපු ධනය තැන්පත් වෙලා හරි අසාමාන්‍ය විදිහට ඉහළ ගිහිං.ඒ වගෙම ක්‍රීඩා කරන පුද්ගල පෞරුෂයන් අගයන සහ ඒවාට පැවත්මක් තියෙන බවට යම් විශ්වාසයක් ඇති කරන්නත් සමත්වෙලා තියෙනවා.
මේ තත්ත්වය නිර්මාණය වෙන්නෙම අවිනිශ්චිත තත්ත්වය මත.රට ජිවත්වෙන්න අවිනිශ්චිතයි.ඒ වගෙම අන්ත දුක් විදලා ජයග්‍රහණයක් අරගෙන ආවාම තමන්ගෙ ජීවිත අවිනිශ්චිත තත්ත්වයට පත් කරපු අය ගැන ප්‍රශස්ති ගයන්න ඕනි.වැද වැටෙන්න ඕනි.මේක තමයි මේ පොළවෙ යථාර්තය.එහෙම පොළවක ඔබ සතුටින් ජීවත් වෙනවාද?රටක් නියෝජනය කරන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක් වුණොත් ඔබ තමන්ගේ පෞරුෂය ඒ විදිහට දියවෙන්න ඇරලා හිස නමාගෙන වැඳ වැටීගෙන ජීවත්වෙන්න කැමතිද?
මීට පෙර මේ රටේ පැනිලි වුණ කතා ඔබ දන්නවද?ඔබ ඔවුන්ටත් දේශද්‍රෝහීන් කියලා ඇති.ගල් ගහලා මරන්න කියලා ඇති.ඒ ගල් ගහන්න තත්ත්වයට ඔබේ හැඟීම් ඔවුන් වෙනුවෙන් වෛරී කරන්න හදපු හේතුවට ඔබ කොයි තරම් කතිර ගහලා ඇද්ද?
ශ්‍රී ලංකා වොලිබෝල් මුල් අසුන ඩිලාන් පෙරේරා දරපු අවදියෙ ඔහුගේ මාධය ලේකම් හැටියට හිටියෙ සිසිර යාපා.ඒ වන විට විශාල පිරිසක් වොලිබෝල් සංචාර අතරතුර පැන ගිහිං තිබුණා.ඒ අයගෙ දක්ෂතා නැවත කේෂ්ත්‍රයට ගෙන එන එක වැදගත් කියන කතාබහ දින සති ගණන් රාත්‍රීන් බොහොමයක් ඇඳුණෙ වත්මන් ජාතික වොලිබෝල් පුහුණුකරුවෙක් වන චාල්ස් තිලකරත්න.ඒ වන කොටත් ඔහු කණිෂ්ඨ මට්ටමේ දක්ෂයෙක්.මෙහෙම ජ්‍යෙෂ්ඨයො එන එක තමන්ට අභියෝගයක් බවත් අපේ කතාබහ අස්සෙ මාතෘකා වුණත් චාලි හිටියෙ වොලිබෝල් උස්සන්නෙ නැතුව අපි කාටවත් පැවත්මක් නැහැ කියන තැන.ඒ නිසාම ඒ ක්‍රීඩකයො පනින්න ඉස්සර ඔවුන්ගේ ජීවත අධ්‍යයනය කිරීම මේ ලියුම්කරුගෙ වැඩක් වුණා.
ඕව මට කියන්න තේරෙන්නෙ නැහැ.උඹම පැහැදිළිව කියපං.මම දන්න ක්‍රීඩාවක් නැහැ.(හැබැයි පස්සෙ ඔහු ක්‍රීඩා සංස්කාරකවරයෙකුත් වුණා) සිසිර යාපා ඩිලාන්ට අවධාරණය කිරීමේ අවස්ථාව හදලා දුන්නා.සමහර රාත්‍රීන් මේ පැනපු ක්‍රීඩකයන් ගත කරලා තිබුණෙ හතරවට බිත්ති හරියට නැති ගෙවල් අස්සෙ පහුවදා තියෙන තරඟෙට අදින ඇඳම ඉට බෑග් එකක දාගෙන.ඒ ගෙට එන හිරිකඩෙන් තෙමෙන එකෙන් බේරගන්න.වත්මන් ජාතික ක්‍රීඩා සභා සභාපති අර්ජුන රණතුංගගෙ තාත්තා රෙජි රණතුංග.එතුමගෙ පුත්තු සියල්ලෝම ක්‍රිකට් ගැහැව්වා.හතර දෙනෙක් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරා.ඒ වණාට එතුමා සභාපති වෙලා හිටිය වොලිබෝල් ක්‍රීඩාවෙ ක්‍රීඩකයෙක් පුහුණුවීම්වලට ආවා කියලා සේවය කරපු ස්ථානයෙන් රස්සාවෙන් එළෙව්වම ඒ රස්සාව අරං දෙන්න හෝ වෙන රස්සාවක් දෙන්න හෝ සැළකිය යුතු උනන්දුවක් නැහැ.හැකියාවක් නැහැ.එහම අය ඒ ඔක්කොම දුක් විඳගෙන රටට සෙල්ලම් කරන්න ගියහම හෙට මොකද කරන්නෙ.තමන්ගෙ අම්මා තාත්තා වගේම කටුමැටි ගහගෙන තමන්ගෙ දරුවන්ටත් ඒ දුකම දෙන්නද?එහෙම අතිශයින් තමන් සමඟ තමන් කරන මානසික යුද්ධය නිමාවේ ඔවුන් අතුරුදහන් වෙනවා.
සමහර කළමණාකරුවන් අතුරුදහන් වුණා.හැතැප්ම ලක්ෂ ගාණක් පාපැදිය පැදලා පාපැදියට වඩා දෙයක් තමන්ගෙ දරුවන්ගෙ ගමණට දෙන්න බැරි මට්ටමකනම් ඉන්නෙ ඒ තරු ගුණය වැදගත් වෙන්නෙ තමන්ට තෑගි දෙන්න ආපු දේශපානයන්ගෙ අඳුර මකාගන්න විතරයි.
ශ්‍රී ලංකාවෙන් පැනපු 12 දෙනා ට මේ මොහොතෙ අස්ථාවරව තිබෙන රටක් හැටියට ගැනෙන පකිස්තානයෙ බොක්සිං ක්‍රීඩකයො දෙන්නෙකුත් ඉකතු වෙලා තියෙනවා.ඒ රටත් දේශපාලනික වශයෙන් අස්ථාවරව තියෙන්නෙ.එක අතකින් ආගමික අන්තවාදය රටේ හදන සමාජීය ගැටුම් නිසාත් පකිස්තානයේ ජීවිතවලට නිශ්චිත බලාපොරොත්තුවක් නැහැ.2019 දී බලයට ආවෙත් එහෙම දේශපාලන ස්ථාවරයක් දරපු කණ්ඩායමක්.වඳ කොත්තු වඳ බෙහෙත්,වද සැත්කම් එක්ක සමාජීය වෛරය වපුරපු මිත්‍යාව විද්‍යාව වෙනුවට ඉහළට ඔසවා තබපු ක්‍රමයක පුරෝගාමීන් තමයි රටට නායකත්වය දුන්නෙ.අදේශපාලණික සහ අතාර්කික ක්‍රියාදාම ගණනකාවකට පස්සෙ රට කඩා වැටිලා.බංකොළොත් කියන කාරණය ලෝකය පිළි අරගෙන ඉවරයි.උද්ධමනය අතින් ඉහළම තැනට පත්වීමේ රට විම හැරෙන්න අනිත් පැත්තට හැරෙන දේශපාලන සළකුණක් දකින්නවත් නැහැ.
එහෙමයි කියලා පනින එක සදාචාරසම්පන්න නැහැ.නතිගරුක යුක්තිගරුක නැහැ.හැබැයි රට මෙහෙම තියෙද්දි ඒක එහෙම වෙන්න හවුල්කරුවෙක් වෙච්චි කෙනෙක්ගෙන් වෙලා තියෙන හානිය ඊට වඩා විශාලයි.එහෙම අයට පැනපු එකා ද්‍රෝහියෙක් කියන ප්‍රකාශය කරන්න පුළුවන් ඊට ඉස්සරහින් තව අවධාරනය කිරීමක් සමඟයි.
මොකද්ද ඒ අවධාරනය කිරීම…?
“අපි කරපු ද්‍රෝහි වැඩේ නිසා මුන්ටත් ද්‍රෝහින් වෙන්න වුණා” එච්චරයි
පැනපු එක සැධාරණ නැහැ.හැබැයි නොපැන ආවා කියලා සාධාරණ රටක් හම්බවෙන්නෙ නැහැ හොඳට ජීවත්වෙන්න පුළුවන්.එහෙම රටක් තිබුණනම් අපි මිට වඩා පදක්කම් සහිතව නැවත ලංකාවට එයි.බොහොම විශ්වාසයෙන්,කැමත්තෙන් දිවි හිමියෙන් ක්‍රීඩාවෙ නියැලෙයි.ක්‍රීඩාව ජීවිතය වෙයි.ඒත් ක්‍රීඩා කරන්න ජීවිතයක් නැති පොළවක….
මහා වීරයො වගේ පැනපු උන්ට දේශද්‍රෝහීන් කරන්න ඉස්සර ඒ ගෙවල්වල දොරකඩින් එබිල බලපල්ලා.එහෙම මිනිස්සු ජීවත්වෙන් ඕනිද?රටක් නියෝජනය කරන්න තරම් ඒ ඒ ක්‍රීඩාවලින් රටේම ඉන්න දක්ෂයො ඒ විදිහට ජීවත්වෙන්න ඕනිද?උන්ගෙ දක්ෂකමට වටිනාකමක් නෙමෙයි සැළකිල්ලක්වත් ලැබෙනවද?හැම එකාටම තමන්ගෙ දක්ෂකමෙන් යැපෙන්න දීලා ආචාර කරන්නයි වැඳ වැටෙන්නයි උරුම වෙච්චි කාලකණ්නි ජීවිත කියලා තමන්ට දැනෙන මොහොතක….
සමහර විට ඔබ තාර්කික නොවන දේශප්‍රේමියෙක්නම් මේ දේ නොදැනෙනවා වෙන්න පුළුවන්.හැබැයි තර්කිකව ඒ සිතුවිල්ල ඔබ මානවීය ගුණ සපිරි මනුස්සෙක් කියන එක සනාථ කරනවා.පරිස්සෙමෙන් හිටපල්ලා.එන්න වුණ දවසක හිටියට වැඩිය හොඳට ජීවත්වෙන්න පුළුවන් ජීවිතයක් හදාගනිල්ලා.
පැනපු එව්වන්ට අපට කියන්න තියෙන්නෙ එච්චරයි.
හැබැයි පනින්න හේතු හදපු,එහෙම හේතු හදපු එවුන්ගෙ මට්ටමේම ක්‍රීඩාව ජීවත්වෙන්න ආස දෙයක් හෝ පවත්වාගෙන යන්න දෙයක් කියා දැනෙන්න ඇරියෙ නැති එවුන් මේ අහිංසකයන්ගෙ පිමිවලිනුත් හම්බ කරලද කියලා බලන්න පරික්ෂණයක් කරන්න.ඉස්සෙල්ලාම වෙන්න ඕනි ඒක.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan