ඕමාන වෙරළ තීරයට තෙල් කාන්දුවෙන් දැඩි බලපෑම්…

රෂිකා හෙන්නායක අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඕමාන් වෙරළ තීරයට ඔබ්බෙන් වූ කැරොලයින් බෙසෙන්ගි නමැති තෙල් නැව අනතුරට පත්වීමෙන් සිදු වූ මහා පරිමාණ තෙල් කාන්දුවක් හේතුවෙන් එරට වෙරළ තීරයේ කිලෝමීටර් 40ක පමණ ප්‍රමාණයක් මේ වන විට දූෂණය වී ඇත.

රුසියානු තෙල් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන මෙම නෞකාව ජූනි මාසයේ සිට ගොඩබිමට නුදුරින් සිරවී ඇති අතර, එයින් කාන්දු වන බොරතෙල් සංවේදී සාගර කලාප සහ දූපත් කරා වේගයෙන් පැතිර යමින් පවතී.

ඕමාන් පාරිසරික බලධාරීන් සහ ග්‍රීන්පීස් වැනි සංවිධාන පෙන්වා දෙන්නේ මෙමගින් මුහුදු කැස්බෑවන් ඇතුළු ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි.

සම්බාධක පනවා ඇති සහ නිසි නියාමනයකට යටත් නොවන මෙවැනි අසම්මත නෞකා සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු හේතුවෙන්, සිදුවී ඇති විනාශය පිරිසිදු කිරීමේ වගකීම දැරීමට කිසිදු පාර්ශවයක් ඉදිරිපත් නොවීම මෙම අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී තිබේ.

පාරිසරික කණ්ඩායම් මේ වන විටත් මෙම තත්ත්වය පෙර නොවූ විරූ පාරිසරික ව්‍යසනයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම බරපතල තත්ත්වය පාලනය කිරීම සඳහා එරට සහන කණ්ඩායම් උපරිම උත්සාහයක නිරත වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...