ව්‍යවස්ථා සංශෝධනය : සාමාන්‍ය ජනතාව අතර මේ සාකච්ඡාව නැහැ. අපේ බලාපොරොත්තුව මේක ක්‍රියාත්මක කරන්න – ලාල්කාන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ගෙන එන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් සාමාන්‍ය ජනතාව අතර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“සාමාන්‍ය ජනතාව අතර මේ සාකච්ඡාව නැහැ. මේ සාකච්ඡාව තියෙන්නෙ එක්තරා නීතීඥ ප්‍රජාවක් ඇතුළු ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ අය අතර. විවිධ විද්වතුන්ගේත් අදහස් තියෙනවා. නමුත් අපේ බලාපොරොත්තුව මේක ක්‍රියාත්මක කරන්න”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...