කොළඹ LNW:වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේ අද (14) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර ඉන් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මුලික රෝහලට මාරුකර යවා ඇති බව සඳහන්.
ඌරෙකුට තබන ලද වෙඩි ප්‍රහාරයක් මෙම තරුණයාට වැදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වීරකැටිය පොලීසිය විසින් සිදු කරයි.


