කාලගුණයෙන් ආවවාදත්මක නිවේදනයක්!

කොළඹ LNW:කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ එම නිවේදනයෙන් දක්වා ඇති අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට වැඩිවිය හැකි බව දක්වා තිබේ..

ඒ අනුව එම ප්‍රදේශවල සුළගේ වේගට පැයට කිලෝමීටර් 55ත් 60ක් දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළ විය හැකි බව සඳහන්.

මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එමෙන්ම හෙට (15) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර මොණරාගල, අම්පාර සහ මඩකලපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයෝ 34ක් දිවයිනට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත්...

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යථාර්ථයක් වෙනගමන් ද?

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යතාර්ථයක් වෙනගමන් ද?