ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු බ්‍රිතාන්‍යය “ඉස්ලාමීය ජනරජයක්” ලෙස හඳුන්වයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍යය “Islamic Republic of Britain” හෙවත් “බ්‍රිතාන්‍ය ඉස්ලාමීය ජනරජය” ලෙස හඳුන්වමින්, එය න්‍යෂ්ටික අවි සහිත “පළමු ඉස්ලාමීය ජනරජය” විය හැකි බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

නෙතන්යාහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ අද(14) ඊශ්‍රායල හමුදා ගුවන්විදුලි වැඩසටහනකට එක්වෙමින් කළ සාකච්ඡාවකදීය. ඊශ්‍රායලය සහ ඉරානය අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පවතින ගැටුම පිළිබඳ අදහස් දක්වමින් සිටියදී ඔහු බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලන හා සමාජ පරිසරය විවේචනය කරමින් මෙම ප්‍රකාශය සිදු කළේය.

නෙතන්යාහු අතීතයේ බ්‍රිතාන්‍යයේ සිටි ඇතැම් දේශපාලන හා මාධ්‍ය චරිත ඊශ්‍රායලයට දැක්වූ සහය සිහිපත් කරමින්, එවැනි ආකල්පයක් වර්තමාන බ්‍රිතාන්‍යයෙන් සොයාගත නොහැකි බව සඳහන් කර තිබේ. නෙතන්යාහුගේ ප්‍රකාශයට විවේචන එල්ල වී ඇත්තේ බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක වීම විශේෂත්වයකි.

විශේෂයෙන් ගාසා යුද්ධය, පලස්තීන රාජ්‍යය පිළිබඳ බ්‍රිතාන්‍යයේ ස්ථාවරය සහ ඊශ්‍රායල රජයට එරෙහිව ගත හැකි සම්බාධක සම්බන්ධයෙන් දෙරට අතර මතභේද ඉහළ ගොස් ඇති අතර හිටපු කම්කරු අගමැති කීර් ස්ටාර්මර් යටතේ, එක්සත් රාජධානිය ඊශ්‍රායලය සමඟ නිදහස් වෙළඳ සාකච්ඡා අත්හිටුවා ආයුධ අපනයන බලපත්‍ර කිහිපයක් අත්හිටුවන ලදී.

ප්‍රංශය මෙන්ම, එක්සත් රාජධානිය ද අන්ත දක්ෂිණාංශික ඊශ්‍රායල කැබිනට් සාමාජිකයින් වන ඉටමාර් බෙන්-ග්විර් සහ බෙසලෙල් ස්මොට්‍රිච්ට සම්බාධක පනවා ඇත.

ඊශ්‍රායලයේ විපක්ෂ දේශපාලනඥ Avi Dabush ද නෙතන්යාහුගේ ප්‍රකාශය විවේචනය කරමින්, ජාත්‍යන්තර වශයෙන් ඊශ්‍රායලය හුදකලා වෙමින් පවතින අවස්ථාවක වැදගත් මිත්‍ර රටක් වන බ්‍රිතාන්‍යයට එරෙහිව මෙවැනි ප්‍රකාශ කිරීම රාජ්‍යතාන්ත්‍රික අසාර්ථකත්වයක් බවට චෝදනා කර තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍යය “ඉස්ලාමීය ජනරජයක්” බවට පත්ව ඇති බවට නෙතන්යාහුගේ ප්‍රකාශය සනාථ කරන කිසිදු නිල සාක්ෂියක් නොමැති අතර, එය බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලන හා සමාජ තත්ත්වය පිළිබඳ ඔහුගේ දේශපාලන මතය ලෙස පමණක් සැලකිය හැකි බවයි ජත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...