වියළි කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
මඩකලපුව, අම්පාර, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හතරේ ග්‍රාම නිලධාරි වසම් 17ක ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇත.
එම දිස්ත්‍රික්කවල පවුල් 21,873කට අයත් පුද්ගලයින් 68,041ක් වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
මේ ඇතැම් ප්‍රදේශවල පානීය ජල හිඟයක් ද පවතින බවත් සඳහන්.


