රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බව සඳහන් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කේශර නුවත්ත මංගල ටෙස්ට් වරම් දිනාගැනීම මෙම තරගයේ විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.
එමෙන්ම, ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙසත්, නිරෝෂන් දික්වැල්ල යළි සංචිතයට එක්වීමත් විශේෂත්වයකි.
සැලකිය යුතු කාලයකට පසුව දික්වැල්ල ජාතික කණ්ඩායමට කැඳවීම මෙරට ක්‍රිකට් රසිකයන්ගේ අවධානයට ලක්වන කරුණකි.


