ඇල්ල සංවර්ධනයට රුපියල් මිලියන 1000කට අධික දැවැන්ත ව්‍යාපෘති රැසක්..

රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :

ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.

වසර 26ක පමණ කාලයක් අලුත්වැඩියා නොකර පැවති, සංචාරකයින් විශාල පිරිසක් භාවිත කරන ඇල්ල Waterfall Road මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කර තිබේ.

මීට අමතරව රුපියල් මිලියන 500ක පිරිවැයකින් දුන්හිඳ–බල්ලකැටුව–දෙමෝදර මාර්ගයත්, රුපියල් මිලියන 370ක පිරිවැයකින් ඇල්ල–පස්සර මාර්ගයත් සංවර්ධනය කෙරෙමින් පවතී. එමෙන්ම කන්දෙකුඹුර මාර්ගය රුපියල් මිලියන 270කින්ද, පියරපන්දොව මාර්ගය රුපියල් මිලියන 59කින්ද සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට වේගයෙන් සිදුකෙරේ.

තවද යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව ඇල්ල නගරයේ සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලසුම් කිහිපයක්ද ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ඇල්ල ප්‍රවේශය සඳහා නව උමං මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, නගර මධ්‍යයේ පිහිටි අක්කර 2.5ක RDA ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් මිලියන 50ක මූලික ප්‍රතිපාදන යටතේ නවීන සංචාරක සංකීර්ණයක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාර ඇතුළත් පරිශ්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

ඇල්ල නගරයේ පවතින ප්‍රධාන ගැටලුවක් වන කසළ කන්ද ඉදිරි මාස එකත් දෙකත් අතර කාලය තුළ සම්පූර්ණයෙන් ඉවත් කර එම භූමිය අලංකාර කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ප්‍රාදේශීය සභාව සහ හමුදා සහාය ලබාගැනීමටද කටයුතු යොදා ඇත.

මේ වෙනුවෙන් වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ රුපියල් මිලියන 10ක පිරිවැයකින් නව ඩම්ප් යාර්ඩ් එකක් ඉදිකිරීමටත්, කසළ ප්‍රවාහනය සඳහා තවත් රුපියල් මිලියන 10ක් වෙන් කිරීමටත් පියවර ගෙන තිබේ.

මේ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඇල්ල Waterfall Road මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...