පාතාල සාමාජිකයින්ට අභයදානය දෙන්න මුදල්ගත් නීතීඥවරුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි – ප්‍ර. ජා. ස.

පාතාල සාමාජිකයින් පිරිසකට ඔවුන්ගේ නඩුහබවලින් අභයදානය ලබාදෙන බව පවසමින් මුදල් ලබාගත් බව කියන නීතීඥවරුන් පිරිසට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිලුක්ස කුමාර පවසයි.

“මේ විනිශ්චයකාරවරුන්ගේ සහ නීතීඥවරුන්ගේ කාරණාව දිගින් දිගට මතුවෙද්දී, අපි දන්නවා අර පහුගිය කාලේ ප්‍රශ්නගත පාතාල සාමාජිකයෙක්ගෙන් හිටපු අධිකරණ ඇමතිවරයාගේ පුත්‍රයා සහ සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙක් අල්ලස් මුදල් ලබාගත්තා කියලා රක්ෂිත බන්ධනාගාරගත කළා. එවැනි වටපිටාවක අපිට දැනගන්නට ලැබුණා මේ රටේ නීතීඥවරුන් තිදෙනෙක් මේ කියන පාතාල සාමාජිකයන්ගෙන්, ඔවුන්ගෙ නඩුහබ ටිකෙන් ඔවුන්ට අභයදානය දෙන්න විශාල මුදලක් අරන් තියෙනවා කියලා. අපි මීටපෙර මාධ්‍ය හමුවකදීත් මේ බව හෙළිකළා. ඒ තිස්ස වේරගොඩ, ආරියවංශ කියන ඒ නීතීඥවරුන් ඒ මුදල් අරගෙන කාටද දුන්නේ ? මොකක්ද ඒගොල්ලො කළේ ? ඒගොල්ලො ඒ මුදල් අරන් තියෙන්නෙ ඔවුන්ට අභයදානය දෙන්නම් කියලානෙ. එතකොට දැන් මේ පුද්ගලයො සම්බන්ධයෙන් නීතීඥ සංගමය මොකක්ද කියන්නෙ ? මේ පුද්ගලයො සම්බන්ධයෙන් මොකක්ද මේ රටේ නීතිය ? මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකක්ද මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නෙ ? මේ පිළිබඳව අපි අවධානයෙන් ඉන්නෙ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනයකදී මේ කියන නීතීඥවරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න, ඔවුන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න. ඔවුන් මේ මුදල් ලබාගෙන මොනවද කළේ ? මේක සම්පූර්ණයෙන්ම අල්ලස් පනත අනුව අල්ලස් ගැනීමක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අල්ලස් කොමිසමට මේ කියන සිද්ධිය සම්බන්ධයෙන් යන්න. මොකද යම්කිසි පුද්ගලයෙකුට එහෙම ජීවිතදානය දෙන්න, ඔහුට සැප පහසුව බන්ධනාගාරයක ඉන්න, එහෙම කටයුතුවලට අල්ලස් අරගත්තා කියලා හිටපු හිටපු අධිකරණ ඇමතිවරයාගේ පුත්‍රයා සහ සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්න පුළුවන් නම් මේ කියන නීතීඥවරුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විදියට අපි මතක් කර සිටින්නේ”

නිලුක්ස කුමාර මේ බව පැවසුවේ අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...