රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන බල්ගේරියානු ජාතිකයින් තිදෙනෙකු එක්සත් රාජධානියේදී අත්අඩංගුවට

Date:

එක්සත් රාජධානියේ වෙසෙමින් රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන බල්ගේරියානු ජාතිකයින් තිදෙනෙකු වන නෝර්ෆොක්හි ග්‍රේට් යර්මූත්හි ඔර්ලින් රූසෙව්,බයිසර් ධම්බසෝව් හා කැට්‍රින් ඉවානෝවා යන අය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව වාර්තා වේ.

1911 නිල රහස් පනත යටතේ ත්‍රස්ත මර්දන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විත්තිකරුවන්, දීර්ඝ කාලීන ත්‍රස්ත මර්දන විමර්ශනයකින් පසු ඔවුන් සතුව බල්ගේරියාව, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, ස්ලෝවේනියාව, ග්‍රීසිය සහ චෙක් ජනරජයේ ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් තිබූ බව හදුනාගෙන තිබේ. එම ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව හදුනාගෙන ඇති අතර ඒවා අයුතු චේතනාවෙන් ඇති බවට චෝදනා එල්ලව තිබේ.

මෙම තිදෙනා වසර ගණනාවක් එක්සත් රාජධානියේ විවිධ රැකියාවල නිරත වී ඇති අතර රූසෙව් දක්ෂ ජාල ඉංජිනේරුවෙකු සහ මෘදුකාංග සංවර්ධකයෙකු මෙන්ම අධි-සංඛ්‍යාත තාක්ෂණයන් සහ සංඥා සකසන්නෙකු ලෙස හදුනාගෙන තිබේ. ධම්බසෝව් රෝහල් සඳහා රියදුරෙකු ලෙස විස්තර කෙරේ. එමෙන්ම කැට්‍රින් ඉවානෝවා රසායනාගාර සහකාරවරියක් ලෙස හදුනාගෙන ඇති අතර මෙට්‍රොපොලිටන් පොලිසිය මේ සම්බන්දයෙන් පවසා තිබුනේ මොවුන් තිදෙනා සැප්තැම්බර් මාසයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සශිකලා මධුෂාණි _ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...