Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

IMF යන්න කතා කරන හැමෝම ද්‍රෝහියෝ. ඔවුන්ව මුහුදට දැමිය යුතුයි – වාසු (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෙනුවෙන් පෙනී සිටින සියලුම දේශපාලනඥයින් දේශද්‍රෝහීන් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“ලංකාවෙ ඉන්නවා IMF කාරයෝ. ආණ්ඩුවෙ ඉන්න වැඩි හරියක් IMF කාරයෝ. විපක්ෂයේ ඉන්න වැඩි හරියකුත් IMF කාරයෝ. මේගොල්ලො දන්නෙ නෑ IMF එක නිසා වෙච්ච විනාශය මේ රටට. IMF එක 16 වතාවක් මේ රටට මැදිහත් වෙලා තියෙනවා. IMF එකේ කොන්දේසි මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙනවා 1978 ඉඳන්. ලංකාවේ දැන් තියෙන අර්බුදයත් IMF එකේ ප්‍රතිඵලයක්. අපේ රටේ රුපියලේ වටිනාකම මේ දැන් තියෙන තැනට වැටුණේ IMF එක නිසා. මේ IMF එක මේ රටට වඩම්මන්න කතා කරන හැම ද්‍රෝහියෙක්ම මුහුදට දැමිය යුතුයි කියලායි මම කල්පනා කරන්නෙ”

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.