සටහන – රුවන් නෙළුගොල්ල
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින්, සමගි ජන බලවේගයෙන් එක්වූ පිරිස් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන ගණනාවක කණ්ඩායම් රැසක් සමග විශාල ජනකායක් මෙම රැලියට එක්ව සිටිති.