සමගි ජන බලවේගයත් සැප්තැම්බරයේ අනුරාධපුරෙන් සටනට

ලබන සැප්තැම්බර් මාසයේදී අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන ආණ්ඩු විරෝධී රැස්වීම් මාලාවක් ආරම්භ කර එය රට පුරා ගෙනයාමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සැප්තැම්බර් 22 සහ 23 යන දින දෙකේ අනුරාධපුරයේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට සජබ තීරණය කර ඇති බව සඳහන්.

වී අලෙවි කිරීමේ ගැටලු ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපාන හේතු ගණනාවක් නිසා මේ වනවිට ගොවි ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශවල ආණ්ඩු විරෝධයක් ඇවිළෙමින් පවතින අතර එම විරෝධය මහපාරට ගෙන ඒම මෙහි අරමුණ වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේදී දැවැන්ත ගොවි සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...