කැමරූන් කාන්තා පාපන්දු පිලේ මංගල අප්‍රිකානු කුසලාන ජයග්‍රහණය

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මොරොක්කෝවේ පැවති 2026 අප්‍රිකානු කාන්තා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් මලාවි කණ්ඩායම පරදා කැමරූන් කණ්ඩායම සිය මංගල ශූරතාව දිනාගත් බව වාර්තා වේ,

එහිදී කැමරූන් ක්‍රීඩිකාවන් ගෝල 3-0 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ අතර, මේ හරහා ඔවුන් ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගත්තේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම අවසන් තරගයට පැමිණ පරාජය වූ කැමරූන් කණ්ඩායම ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් මාරි න්ගාහ් ගෝල දෙකක් ලබාගනිමින් සුවිශේෂී දායකත්වයක් දැක්වූවාය.

තරගය නැරඹීම සඳහා ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ද එක්ව සිටි අතර, මලාවි කණ්ඩායම පරාජය වුවද ඔවුන් පළමු වරට මෙම තරගාවලියට සහභාගී වී අවසන් මහා තරගය දක්වා පැමිණීම කැපී පෙනෙන සිදුවීමකි.

තවද, මොරොක්කෝව සහ ඇල්ජීරියාව ද අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් ඉදිරි ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයෝ 34ක් දිවයිනට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත්...

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යථාර්ථයක් වෙනගමන් ද?

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යතාර්ථයක් වෙනගමන් ද?