*
Monday, May 20, 2024
spot_img

Latest Posts

වලාකුළු අතර සැඟවුණ තරු මතු කරන ක්‍රිස්බෝ දෙවන පියවර ඇරඹේ

තරුෂි කරුණාරත්න ඇත්තටම තරුවක්.ඇය අද වන විට ලෝකයම අවධානයෙන් බලා ඉන්න ක්‍රීඩිකාවක්.ඇයව දීප්තිමත් තරුවක්ව වැඩෙන්න සහ එළිය විහිදුවන්න ආලෝකය තවරපු අය අඩුයි.ඒ වැඩේදී ජාතික ඔලිම්පික් කමිටුව එක්ක එකතු වුණ ක්‍රිස්බෝ ලොකු දායකත්වයක් දුන්නා.වළාකුළු අතර තරුව හැංගිලා තියෙන බව දුරට දැකපු පුහුණුකරු සුසන්ත ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය සහ හිතවතුන් හැරුණ විට ඇයව ජාතික මට්ටමේ වැඩ සටහනකදි හසුවන්නේ පළමු කොට ක්‍රිස්බෝ ආයතනයට.

මේ වැඩ සටහනෙ දෙවන අදියරේ තරුෂි නැහැ.එහෙම වෙන්න පුළුවන් ද?පුළුවන්.ඒකට සංවිධානයෙන් ලැබෙන උත්තරේ යම් සාධාරණ හේතු තියෙනවා.හැබැයි ඒ උථ්තරය අස්සෙ තව තවත් කිමිදුණාම පේන ලංකාවේ ක්‍රිඩා අමාත්‍යංශය ගැන වෙනම අදහසක් අපි දකිනවා. ඒ නිසා අපිට ඒකම නොවන අදහසක් තියෙනවා.


තරුෂි දැන් ක්‍රිස්බෝ ඉක්මවා ගිය ජාතික වැඩ සටහනකින් බලාගන්න ඕනි.ක්‍රීඩා අමාත්‍යංශය කාලයක ඉදන් කරන්නෙ එහෙම බලාගැනීම් වියදම් දැරීම් නෙමෙයි.ඒ යන සංචාරවලදි ජයග්‍රහණයට පීඩනයක් එන විදිහට නිලධාරීන් කප්පාදු කිරීම්,නොසළකා හැරීම්.ඊට පසුව එහෙම තියෙද්දිත් ගිහිං දිනලා එනකොට ගාමිණි කොස්තා එක්ක තව ඉහළම මට්ටමේ නිලධාරීන් කිහිප දෙනෙක් ගුවන් තොටුපළට යවන එකත් එයාලගෙන් සිද්ධ වෙනවා.මං හිතන්නෙ ඒඋකත් ඇමතිවරුන්ට මතක් කරන්නෙ ගාමිණි කොස්තා විය යුතු නිසාම ඒ නම ලිව්වෙ කොයි අමාත්‍යවරයා ආවත් බොහෝ විට මේ මල්මාලා දාන මල් පොකුරු දෙන පිළිගන්න වැඩවලදි එතුමා දකින්න ලැබෙන නිසා.එහෙම නොවෙනවනම් සමහර විට ඒකත් යකාට යන්න පුළුවන්.
මේ ක්‍රිස්බෝ වැඩ සටහනෙන් ව්‍යාපාරික ආයකයට රජයෙන් මොන වගේ පිළිගැනීමක් ලබා දෙනවද දන්නෙ නැහැ.එහෙම නොදෙනවනම් ඒකවත් කරලා මේ අනුග්‍රහයන් ප්‍රමාණය වැඩි කරන්න හෝ අනුග්‍රාහක මුදල වැඩි කරන්න මැදිහත් වෙන්න ආණ්ඩුවට පුළුවන්.කොහොම වුණත් මේ අද සිට හෙට දකින ගුණාත්මක වැඩක් කියන දේ පිළිගන්න වෙනවා.එතැන සිට තමයි මේ සම්බන්ධයෙන් යම් විවේචනයක් වෙනවනම් අවශ්‍යය වෙන්නෙ.


දැනට දැකපු හැටියට මේ වැඩ සටහන වළාකුළුවලින් නොපෙනී තියෙද්දිම තරු හඳුනා ගැනීමක් හැටියට තමයි හඳුනාගන්න පුළුවන්.ඒ වැඩ සටහන යටතෙ මෙවර තෝරා ගැනීම් සිද්ධ වෙද්දි මේ වන විටත් තරු ගුණය සහිත නම් කිහිපයකුත් දකින්න ලැබෙනවා.ඒ අතරින් වඩාත් වැදගත් චරිතය වන්නේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගෙනා නෙත්මි අහිංසා.ඒ වගේම මේ වන විට කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ දෙකෙන්ම මීටර් 400 කඩුලු ඉසව්වේ දැනට ලංකාවෙ ඉන්න අංක එකේ ක්‍රීඩකයො දෙන්න වන දනුක දර්ශණ සහ යොමාල් අකලංකත් මේ ක්‍රිස්බෝ තෝරා ගැනීම්වලට අයත්.


සිතා ගැනීමට අපහසුම ජයක් ආසියානු යොවුන් තරගාවලියෙදි අත් කර දුන් යොවුන් රිටි පැනීහේ සූරයා වන තුෂේන් සිල්වා ද මෙම අනුග්‍රාහකත්වයේ හිමිකරුවෙක්.එසේම අනාගතය සඳහා බලාපොරොත්තු උපදවන උස පැනීමේ සූරයෙක් වන නිලුපුල් පැහැසර සහ උස පැනීමේ සූරියක වන රනින්දි පෙහන්සා ද මේ කණ්ඩායමට එකතු කර තිබෙනවා.දුර අනාගතයක් පේන යොවුන් කවපෙත්ත විසි කිරීමේ සූර මිතුන් රාජ් ද අලුතින් නිර්මාණය වූ ක්‍රිස්බෝ අනුග්‍රහ කණ්ඩායමේ ඉන්නවා.
නෙත්මි වගේම නෙත්මි සමඟ එකට පුහුණුවීම් කරන චමෝද්‍යා කේෂානි,ටයිකොන්ඩෝ ක්‍රීඩිකා අමායා රණෂිංහ මෙන්ම බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් දුමිදු අඊයවික්‍රමත් මේ කණ්ඩායම නියෝජනය කරනවා.බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් එකතු වී සිටින සචිනි රාජිකා,මංජු මිනුවන්දනා සහ මුධශිකා ප්‍රේමරත්න වැඩිම අවස්ථාව හිමි වී ඇති මලල ක්‍රීඩාවට පසුව දෙවන වැඩිම අවස්ථාව බර ඉසිලීම වෙනුවෙන් ලබා දීමට හැකි අන්දමෙන් සිය හැකියාව පෙන්වා තිබෙනවා.
මේ සංකල්පය ක්‍රිස්බෝ සමඟ මෙහෙයවීම සඳහා ඉදිරිපත් කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වන මැක්ස්වෙල් ද සිල්වා යි. එයට අනුව “ක්‍රිස්බෝ” ආයතනය මෙම වැඩපිළිවෙල සඳහා මූල්‍ය දායකත්වය සහ මග පෙන්වීම් ලබා දුන් බව ක්‍රිස්බෝ සමාගමේ සමූහ අලෙවි කළමනාකරු අමෝරෙස් සෙලර් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.ක්‍රිස්බෝ ආයතනය සිය අනුග්‍රාහකත්වය සනාත කරමින් ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සමඟ ගිවිසුමකටද මෙහිදී එළැඹුණා.


ඒ අනුව දෙවන අදියරට පිවිසුණ ක්‍රිස්බෝ අනුග්‍රහ ප්‍රදානයේදී එම උත්සව සභාවට එකතු වූ අය අතර, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්,”නෙක්ස්ට් චෑම්ප්” වැඩ සටහනේ සම්බන්ධීකාරක ෂෙහාන් අඹේපිටිය, බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න,ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ කමිටු සාමාජික මලල ක්‍රීඩා පුහුණුකරු මාධව සෙනරත් බණ්ඩාර,ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය ප්‍රධානී ජේෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී එස්. ආර්. පතිරවිතාන ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan