යුක්රේන යුද්ධය අතරතුර සිදුවන රුසියාවේ නව අභ්‍යවකාශ ගවේෂණය: Luna-25 සඳමත ගොඩබැසීමට සුදානමින්

2040 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගනිමින් රුසියානු චන්ද්‍ර වැඩසටහනේ කොටසක් වන Luna-25 අභ්‍යවකාශ යානය සඳ කක්ෂයට ඇතුළු වූ බව රුසියාවේ අභ්‍යවකාශ ආයතනය Roskosmos නිවේදනය කර තිබේ.

Luna-25 හරහා රුසියාව බලාපොරොත්තු වන්නේ සද මත ජල අංශු සොයා බැලීමත්, ග්‍රහලෝකයේ දිගු කාලයක් මිනිස් වාසයට සුදුසුද යන්න සොයා බැලිමත්ය.

1976 සෝවියට් සංගමය විසින් කරන ලද සඳ මෙහෙයුම වන Luna-24 න් පසු සිදු වූ මුල්ම මෙහෙයුම Luna-25 වන අතර රුසියානු අභ්‍යවකාශ වැඩසටහන් නිරීක්ෂණය කරන RussianSpaceWeb.com හි නිර්මාතෘ සහ ප්‍රකාශක Anatoly Zak රොයිටර් පුවත් සේවයට වාර්තාකර තිබුණේ, මෙය වසර 10 ක් අනාගතයට විහිදෙන වඩාත් පුළුල් රුසියානු උපාය මාර්ගයක කොටසක් වන බවයි.

Luna-25 පසුගිය අගෝස්තු 10 වන දින පෘථිවියේ සිට අභ්‍යවකාශ ගත කළ අතර මෙය චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයේ බොගුස්ලාව්ස්කි ආවාටයට උතුරින් අගෝස්තු 21 සඳුදා සැලසුම්ගත ගොඩබෑමකට පෙර දින පහක් සඳ මතුපිට සිට කිලෝමීටර 100 ක් (සැතපුම් 62) කක්ෂගත වනු ඇත.

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 මෙම මස අගදී චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ සැලසුම් සහගත ස්පර්ශ කිරීමට පෙර Luna-25 මෙම මස මුලදී සඳ කක්ෂයට ඇතුළු වනු ඇති බවයි රුසියාවේ අභ්‍යවකාශ ආයතනය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...