ඉන්දියාවේ රෝහල්වල ආරක්ෂාව වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික කාර්ය සාධක බලකායක් (NTF) පිහිටුවීමට නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අගෝස්තු මස 9 වන දින නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ වෛද්‍යවරියක් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ නඩුව ඊයේ(20)දිනයේදී විභාග කරමින් ඉන්දියාවේ අගවිනිසුරු DY චන්ද්‍රචුඩ්, විශේෂයෙන්ම කාන්තා සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සේවා ස්ථානවල ආරක්ෂාව සඳහා ආරක්ෂක ප්‍රොටෝකෝල නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන් සහ රජයේ නිලධාරීන් ඇතුළත් නව දෙනෙකුගෙන් යුත් ජාතික කාර්ය සාධක බලකාය (NTF) පිහිටුවීමට නියෝග කර තිබේ.

විවේක කාමර සහ වැසිකිලි නොමැතිකම, ක්‍රියාකාරී CCTV කැමරා පද්ධතියක අවශ්‍යතාවය, ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රවේශයන්හි ආයුධ සඳහා ප්‍රමාණවත් පරීක්ෂාව ඇතුළු වෛද්‍ය ආයතනවල දක්නට ලැබෙන ගැටලු රාශියක් ඔහු ලැයිස්තුගත කරමින් අගවිනිසුරවරයා සඳහන් කර තිබුණේ, ජාතික කාර්ය සාධක බලකාය මඟින් අවශ්‍යතා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතු බවත් මසක් ඇතුලත එය ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

මෙම මරණයත් සමඟ පුළුල් කාන්තා විරෝධයක් රට තුළ ඇතිව ඇති අතර අගවිනිසුරුවරයා බටහිර බෙංගාල රජය සහ පොලිස් බලකාය ද විවේචනය කරමින් නඩුව මධ්‍යම විමර්ශන කාර්යාංශයට (CBI) මාරුකර තිබේ. වින්දිතයාගේ නම සහ ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යවල හුවමාරු වීම ගැන තමා දැඩි කනස්සල්ලට පත්වන බවත් ඔහු පවසා තිබු අතර මේවන විට කොල්කටා පොලිසිය මඟින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ වින්දිතයාගේ අනන්‍යතාවය හෙළි කිරීම සම්බන්ධයෙන් සිසුන්, ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ සාමාජිකයින් 200 කට වැඩි පිරිසකට නොතීසි ද නිකුත් කර ඇත.

අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙසත් අගතියට පත් අය වෙනුවෙන් කඩිනම් යුක්තිය පසිඳලීම ඉල්ලමින් කොල්කටා හි කනිෂ්ඨ වෛද්‍යවරු අඛණ්ඩව 13 වැනි දිනටත් වැඩවර්ජනයේ නිරත වන අතර ප්‍රාන්ත රජය විසින් කනිෂ්ඨ වෛද්‍යවරුන් වෙනුවට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, දැඩි නීති සම්පාදනයන් තිබියදීත්, ලිංගික හිංසනය ඉන්දියාවේ බරපතල ගැටලුවක් වී ඇති අතර ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට අනුව, 2022 දී පොලිසිය ස්ත්‍රී දූෂණ වාර්තා 31,516 ක් වාර්තා කර ඇති අතර එය 2021 වසරට සපෙක්ෂව 20%ක වැඩි වීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...