*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

” මම අභියෝග වලට බය නෑ ආදරෙයි”- නාමල් අනුරපුර රැලිය අමතයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):


කෙටි කාලීව වරප්‍රසාද, වරදාන හා තනතුරු වෙනුවෙන් රටත්, පක්ෂයත් කිසිදා පවා නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමේ මංගල ජන රැලිය අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ දී (21) පැවැත්වුණ අතර එම රැලිය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

තමන් අභියෝග වලට බිය නොවන බවත් අභියෝවලට ආදරය කරන බවත් හෙතෙම කීවේය. 2005 සහ 2015 වසරවල ගෙන ගිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය නවීන තාක්ෂණයත් යොදා ගනිමින් නූතන කෘෂිකර්මාන්තයක් තරුණ පරපුරට හඳුන්වා දෙන බව පැවැසූ ඒ මහතා යළි පොහොර සහනාධාරය ලබාදීමට ද පියවර ගන්නා බව කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසූවේ,

"අපේ පළාත් පාලන ප්‍රධානීන්, සාමාජිකයන් පසුගිය කාලය පුරා විශාල කැප කිරීමක් කරලා තමයි පක්ෂය ආරක්ෂා කළේ. අපේ පක්ෂය මේ රටේ දේශපාලන සිතියම වෙනස් කළ පක්ෂය. 2015 යළි මහින්ද මහත්තයට බාර ගන්න උනේ එතුමා බාර දුන්න රට නෙවෙයි. ආර්ථිකය වැටිලා. අපි ආයේ රට බාරගද්දි කොවිඩ් වසංගතය ඇවිත් තිබුණා. එදා අපිට තිබුණේ ආර්ථිකයද ජීවිතයද කියන ප්‍රශ්නය. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා මුලින් අපි ජීවිත බේරගමු කියළා. අපි මිනිස්සු බඩගින්නේ මැරෙන්න දුන්නේ. අපි දන්නවා කුමන්ත්‍රණකාරී ලෙස රට වට්ටන්න හදද්දි ඒ රට වැටෙන්න නොදෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයට සහයෝගය දුන්නා. අපි කෙටි කාලීන අරමුණ සඳහා අපේ ජාතිය. ආගම සංස්කෘතිය අතහරිනවද. අපිට අවස්ථාවාදි දේශපාලනය අවශ්‍ය නැහැ.

කෙටිකාලීන අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණයක් ගත්තා ආණ්ඩුවක් හදන්න. අපි අභියෝගවලට බය නැහැ. මම අභියෝග වලට ආදාය කරනවා. මම මගේ තාත්තගෙන් ඒවා ඉගෙන ගත්තා. අපි මඩ වලට බය නැහැ. අපි ප්‍රතිපත්තියකට වැඩ කරනවා. 2005- 2015 කාලය තුළ ගෙන ගිය කෘෂි ප්‍රතිපත්තිය ආරක්ෂා කරගනිමින් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කරනවා. තරුණ පරම්පරාවට තාක්ෂණය හඳන්වා දෙනවා. තාක්ෂණය කෘෂිකර්මාන්තයත් එක්ක බද්ධ කරනවා. හොඳ ආර්ථිකයක්, පොහොසත් රටක්, පොහොසත් පුරවැසියෙක් හදන්න අපි කටයුතු කරනවා. සමෘද්ධි ව්‍යාපාරය ගැන වැරැදි මතයක් තිබෙනවා. ගෘහස්ථ ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකය වෙනුටෙ පිටින් ගෙනා ආර්ථිකයක් තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා පමණක් නෙවෙයි දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කරනවා. අපි විශ්වාසය කරනවා ඒකීය රටක්, අපි දේශපාලනය තුළ ඉන්න තාක් මේ රට තුළ මායිම් ගම්මාන ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පළාත් සභා තුළ ඉඩම්, පොලිස් බලතල දෙන්නේම නැහැ.

අපිට ඡන්දය වෙනුවෙන් දමිළ ජනතාව රවට්ටන්න බැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නැහැ. රාජ්‍ය ආදායම කප්පාදු වෙන්නේ නැතුව, රාජ්‍ය සම්පත කුණුකොල්ලෙට විකුණන්න ඉඩ නොදී අසාධාරණ බඳු ක්‍රමය නැති කරනවා. වක්‍ර බඳු වෙනුවට සෘජු බඳු ක්‍රමයට යමු. මහා පරිමාන ආයතන ලාභ උපයන වගේම පොඩි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් හරහා අපේ ආණ්ඩුව වැට්ටුවා. රාජ්‍ය වැටෙන්න දුන්නේ නැහැ ආණ්ඩුව වැටුණත් රාජ්‍ය ආරක්ෂා කර ගන්න ඕන නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයට ආණ්ඩුව බාර දුන්නා.ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙන්න බැරි කාරණා තිබුණත් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අහිංසාවාදි බලවේගයක් ලෙස අප උපරිම සහයෝගය දුන්නා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගෙන කොට බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආවේ පංච මහා බලවේගය නියෝජනය කරන්න. අපේ රටේ රෙද්ද බැනියම අඳින ගමේ අම්මා තාත්තා නියෝජනය කරන්න දේශපාලන හඩක් අවශ්‍ය වෙලා තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ ඒ බණ්ඩානාරනායක ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයත් එක්ක බද්ධ උන නිසා. ඒ ගොඩ නැගුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ රටේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණය ලබා ගත්තේ. වර්තමානයේ අපිට තීන්දුවක් ගන්න සිදු උනා. අපි කෙටි කාලීන අරමුණු සඳහා අපේ සංස්කෘතිය, ආගම දහම, අපි ගොඩ නැගුණු බලවේග අතහරින්නේ නැහැ.

නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට ඒ වගකීම ඉටුකර ගනිමින් අලි විස්වාස කරන දේහීය චින්තනය රැක ගනිමින් මේ මාතෘ භූමියේ ජීවිත පූජා කරපු ලේ හලපු රණවිරුවන්ගේ ජීවිතවලට ගෞරවයක් ලබාදෙමින් අපි විස්වාස කරන ප්‍රතිපත්ති සමඟ සටන් කරනවද කියන කාරණය. අපිට අවස්ථාවදී දේශපාලනය අවශ්‍ය නැහැ. අපිට කෙටි කාලීන වරදාන වරප්‍රසාද අවශ්‍ය නැහැ. අපි ගොඩ නැගුණ දේශීය චින්තනය පදනම් කරගත් වැඩපිළිවෙළක් තිබෙනවා. ගමේ අම්මා තාත්තගේ ආර්ථිකය කේන්ද්‍රකරගත් වැඩපිළිවෙළක් තිබෙනවා. ගමේ අම්මා තාත්තගේ දුරුවට රැකියා උත්පාදනය කරන අපිට ආවේනික වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ කේන්ද්‍ර කරගත් ආණ්ඩුවක් ගොඩනගන්න අපි තීන්දු කළේ මේ රටේ අම්මා, තාත්තා වගේම අනාගත දරු පරම්පරාව සුරක්ෂිත හෙට දවසක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන්. අපි අභියෝගවලට බය නැහැ. මම අභියෝගවලට ආදාරය කරනවා. අභියෝගවලට අභියෝග කරනවා. ඒක තමයි මම මගේ තාත්තගෙන් ඉගෙන ගත්ත දේ. අපි වයිර කරන්නේ නැහැ. අපිට මඩ ගහන දිහා බලන්නේ නැහැ. අපි ප්‍රතිපත්තියක් එක්ක වැඩ කරන්නේ. අපි ප්‍රතිපත්ති ආරක්ෂා කරන බල කදවුරක්. එහෙම නම් අපි වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005- 2015 කාල සීමාව තුළ අනුගමනය කළ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් නවීකරණය කරා රැගෙන යන්න මම පොරාන්දු වෙනවා.

අපේ රටේ වවන්න පුළුවන් හැම දෙයක්ම වවන්න ඕන. පිටින් ගෙනත් කන්න දෙන යුගයක් නෙවෙයි අපේ රටේ හැම දෙයක්ම වවන්න ඕන. පොහොර සහනාධාරය දෙන්න ඕන. අපි දෙනවා. අපි ගොඩ, මට විතරක් නෙවෙයි තේ ගොවියටත් දෙනවා. ඒ තුළ අපි විස්වාස කරනවා ගමේ ආර්ථිකය ශක්තිත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. තරුණ පරම්පරාවට අවශ්‍ය තාක්ෂනය දෙනවා. ඒ ලබාදෙන තාක්ෂණය තුළ අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගන්න පුළුවන් ගොවි පරම්පරාවක් නිර්මාණය කරනවා. තාක්ෂනය කෘෂිකර්මය එක්ක බද්ධ කරනවා. ඒ තුළින් පොහොසත් රටක්, පොහොසත් පුරවැසියෙක් බිහි කිරීමේ වගකීම බාරගන්නවා. සමෘද්ධි ව්‍යාපාරය තුළ බොහෝ අයගේ වැරැදි අර්ථ කථන තිබෙනවා. බොහෝ අය කියනවා මේ සමෘද්ධිය තිබෙන්නේ නිකන් බෙදන්න කියළා. නැහැ. එදා මහින්ද රාජපක්ෂ යුගයේ සමෘද්ධියත්, දිවිනැගුමත් ගොඩ නගලා මේ රටේ ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුවා. වර්තමානයේ ගෘහස්ථ හා ග්‍රාමීය ආර්ථිකය වෙනුවට පිටින් ගෙනත් නිෂ්පාදන දෙනවා. සමෘද්ධි ලාභිය වගේම සමෘද්ධි ව්‍යාපාරය කප්පාදු කරලා තිබෙනවා. අපි විස්වාස කරනවා සමෘද්ධි ව්‍යාපාරය තුළ රුපියල් 5000 හා 7500 දීමනාවට එහා ගිය වැඩපිළිවෙළක් අවශ්‍යයි කියළා.

අපි හදන ආණ්ඩුවක් තුළ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා. මේ ගම්වල අම්මා තාත්තගේ දරුවෝ සටන් කෙරුවේ මේ රටේ අයිතිය ආරක්ෂා කරන්න. එදා අනුරාධපුර මායිම් ගම්මානයක්. අපි දේශපාලනයේ ඉන්න කල් නැවත වතාවක් මේ රට තුළ මායිම් ගම්මාන ඇති වෙන්න තියන්නේ නැහැ. මේ බෞද්ධ රට තුළ සියලු ආගම්වලට ගෞරවය දෙන්න සූදානම්. එය අපි කරනවා. පළාත් සභා තුළ පොලිස් ඉඩම් බලතල දෙන්නේම නැහැ. අපිට උතුරේ දකුණේ ජනතාව රවට්ටන්න බැහැ. අපිට පුළුන් දේ අපි පුළුවන් කියන්න ඕන. බැහි කියන දේ බැහැ කියන්න ඕන. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නැහැ. අපි නූතනත්වය කරා ගමන් කරනවා. අසීමිත බදු බරෙන් මේ රටේ ජනතාව මුදව ගන්නවා. රාජ්‍ය ආදායම කප්පාදු වෙන්නේ නැති විදියට රාජ්‍ය දේපොළ සංවර්ධනය කරගනිමින් රාජ්‍ය දේපොළ කුණුකොල්ලයට විකුණන්නේ නැතුව අසීමිත බදු බරෙන් ජනතාව මුදව ගෙන රාජ්‍ය ආදායම වැඩි කරන ගමන් අසාධාරණ බද්දෙන් මුදව ගන්නවා. තාක්ෂණයත් එක්ක විප්ලවකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එක්ම පුද්ගලයගෙන් බදු ගහනවා වෙනුවට බදු ගෙවන ප්‍රමාණය වැඩි කරනවා. ඒ සඳහා තාක්ෂණය භාවිතා කරනවා. වක්‍ර බදු වෙනුවට සෘජු බදු වලට යමු. දේශීය ව්‍යාපාර ආරක්සා කරන්න ගමේ නිෂ්පාදකයා, ව්‍යවසායකයා ආරක්ෂා කරන්න කටයුතු කරමු. අපි විස්වාස කරනවා ඒක තමයි මේ රටේ ආර්ථිකයට අවශ්‍ය. මහා පරිමානයේ ව්‍යාපාර ලාභ උපයනව වගේම කුඩා පරිමාන ව්‍යාපාර ලාභ උපයන්න ඕනි. ගමේ අම්මා තාත්තගේ කුඩා ව්‍යාපාර ලාභ උපයිව්වොත් තමයි ගමේ ආර්ථකය ශක්තිමත් වෙන්නේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මහා දැවැන්ත බලවේගයක් මෙන්ම නූතන පරම් පරාවේ දේශපාලන බලවේගයක් කියන එක මම කියනවා. 69 ලක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන්න අපි ඇප කැපවීමෙන් කටයුතු කරනවා කියලා කියනවා. මේ රටටත්, නමටත් හානියක් වෙන කිසිම දෙයක් කන්නේ නැහැ. මේ රටේ අම්මි තාත්තා අපේක්ෂා කරන දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම බාරගන්වා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. රජරට ජනාව ගැන විශාල ගෞරවයක් තිබෙනවා. ජයග්‍රහණ සියල්ල ආරම්භ උයේ රජ රටින්. මේ වේදිකාව ඉස්සරහ ඉන්න හැමෝටම රට ගැන ආදායක් තිබෙනවා. මේ ජනතාව රට පාවල දෙන්නේ නැහැ කියන මම දන්නවා. නාමල් රාජපක්ෂ රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න ගත්ත තීන්දුව ඔබේ ගත්ත හොඳම තීරණය වෙන්න ඇති. සමහරු අප අතහැර ගියා . ඒ අය ආයේ අපේ කදවුරට එන්න අහනවා. ජනතාව එපා කියනව නම් මටත් එපා. ජනතාව ඉන්න තැනයි මම ඉන්නේ. 2005 දි අපි රට බාර ගන්න කොටත් මඩ ගැහුවා. එදත් සමහරු මඩ ගැහුවා. ජනතාව ඉල්ලුවේ ඉල්ලම දෙන් න එපා කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයගේ තාත්තා කොඩි ආයුධ ඉල්ලපු ගමන් දුන්නා. රනිල් මහත්මයා මාස ගිවිසුම් ගැහුවා.

ඔවුන් යුද්ධ කළේ නැහැ. අන්න ඒ යුද්ධය රණවිරුවන් එක්ක එකතු වෙලා අපිට නතර කරන්න පුළුවන් උනා. අපි ඕන උනේ නූපන් දුරුවන්ට යුද්ධයේ වේදනාව නොදෙන්නයි. අද සියලු ජාතීන් යුද බියෙන් ජීවත් වෙනවා. ඒ ගෞරවය සමස්ත ජනතාවට පුද කර සිටිනවා. අපි විදපු අමිහිරි දේ දරුවන්ට අද්විදින්න දෙන්න එපා. බොරු බේගල් වලට දරුවන්ට රැවටෙන්න දෙන්න එපා. යුද්ධය තියාගෙන ආර්ථික වේගය සියයට 6කට වඩා වැඩියෙන් ගෙනාව. සෑම අතින්ම දියුණු කරන්න කටයුතු කළා. වී වලට සහතික මිලක් දීල ගොවියෝ වස බොන එක නතර කළා. මේවා රජරට ජනතාවට අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. ඔබ කයියනායකයන්ට රැවටෙන්නේ නැහැ කියලා මම දන්නවා. අපි සමඟ අත්වැල් බැඳගෙන පක්ෂය ජයග්‍රහණය කරන්න කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මගෙන් පසුගිය දවස මනුස්සයෙක් ඇහුවා දැන් ඔබ වහන්සේලා මහින්ද රාජපක්ෂ එක්ක හිටිය ඇති නේ, වෙනත් තැනකට ගියා නම් හරි නේ කියළා. අපි මහා සංඝ පරපුරක් නියෝජනය කරමින් තමයි පැවැත එන්නේ. එදා රටක් විනාශ වෙද්දි ඒ රට බේරගත්ත එකම නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයයි. අපි කවදාවත් එතුමව දාල යන්නේ නැහැ.

අපි ඒ තරම් ගුණමකු අය නෙවෙයි. අරගලයට කූඩාරම් 17ක් දුන්නේ කවුද කියළා හොයලා බලන්න. අන්න එදා කූඩාරම් දුන්න පිරිස අද ඉන්නේ ජනාධිපති කාර්යාලයේ. එම නිසා මේ මොහොතේ මේ රට, ජාතිය, ආගම බේරගන්න පුළුවන් එකම නායකයා නාමල් රාජපක්ෂ මහතා පමණයි. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා. අද අපි සතුටු වෙනවා. නාමල් රාජපක්ෂ මහත්මයගේ කතාව ගැන. එතුමගේ සෘජු ප්‍රතිපත්ති ගැන කතා කළා. එතුමා කෙළින්ම කිව්වා කරන්න පුළුවන් දේ කියනවා. බැරි නම් බැහැ කියළා. එහෙම නායකයෙක් තමයි රටට අවශ්‍ය. ජනතාව එය තේරුම් ගන්නවා කියලා අපි දන්නවා. නාමල් මහත්මයා කිව්වා 69 ලක්ෂය ආරක්ෂා කරනවා කියළා. එය විනාශ කරන් පක්ෂය ඇතුළෙත්, පිටත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක උනා. අන්න ඒ කුමන්ත්‍රණ කරපු අය ගිහින් අවසන්. ඉදිරියට අපි අපේ පක්ෂය කාටවත් කඩන්න ඉඩ දෙන්නේ නැහැ.එම නිසා අපි මහින්ද මහත්මයට කියනවා ආයේ සැලුන් දොර නම් අරින්න ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට මේ පොඩි මිනිස්සුන්ට ඉඩ දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා. 2005 ජනාධිපතිවරණය පවත් වන කොට අපේ රට හැම අතින්ම විනාශ වෙලයි තිබුණේ.

එහෙම කාලයක තමයි ජනතාව ඒකාමෙන් එකට සිටගෙන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කළේ. ජනතාව ඒ තැබුව විස්වාසය කෙටි කාලයක් තුළ ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි ගොවි ජනතාව හෙම්බත් වෙලා සිටියදී ඔවුන්ට පොහොර නොමිලේ ලබා දෙමින් ඒ ජනතාව නගා සිටුවන්න කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ විතරක් නෙවෙයි දැවැන්ත සංවර්ධනයක් කරන්න එතුමන් කටයුතු කළා. එහෙම කටයුතු කරද්දි පක්ෂයේ කෙනෙක් ම කඩාගෙන ගිහින් රට පවාල දුන්නා. අන්න ඒ අවස්ථාවේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා පොහොට්ටුව සකස් කළේ. ඒ පොහොට්ටුව තමයි යළි රට දියුණුවක් කරා ගෙන යන්න කටයුතු කළේ. අද නැවත එය විනාශ කරන්න පිරිසක් කටයුතු කරමින් ඉන්නවා. ඊට කිසි ඉඩක් ලබා දෙන්නේ නැහැ කියන දේ අපි කියනවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීසේකර මහතා. පොහොට්ටුවේ හිටපු මැති ඇමැතිවරු රාශියක් පක්ෂය අතහැරලා වෙනත් අයට සහය දෙන්න කටයුතු කරලා තිබෙනවා. එහෙත් පක්ෂය අතහැර නොගොස් සිටින අනුරාධපුර ජනතාවට මගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටිනවා. අපේ ප්‍රතිපත්තිය මහින්ද චින්තනයයි.

ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා එළි දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් ඒ දේ බොහෝ දේ අන්තර්ගත වෙනවා. අපිට අවශ්‍ය ඒකීය රටක්, සම්පත් නොවිකන රටක්. ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන ගමන් අනෙක් ආගම් ආරක්ෂා කිරීමයි. ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න පක්ෂයක් විදියට අපි හැමදාම ඉන්නවා.සජබ නායකයා උතරට ගියාම එකක් කියනවා. දකුණට ගියාම තව එකක් කියනවා. අනුර දිසානායක මහත්මයා කියනවා පිළිම වදින එක නතර කරන්න ඕන කියළා. දළඳා පෙරහර අපි ඇතුන් නැතුව කරනවා කියළා. අතීතයේ සිට දළඳා පෙරහර පැවැත්වුවේ අලි ඇතුන් එක්කයි. ඒ අය ආවම අපිට ඒකත් අහිමි වී යනවා. එහෙම අයට අපි ඡන්දය දෙනවද නැද්ද කියල තීන්දු කළ යුතුයි".

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan