රත්තරන්වලින් නොනැවතී රත්තරන් සොයන බැඩිමින්ටන් ගැටවරයෝ

නේපාලයේ පැවත්වෙන අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ දකුණු ආසියාතික බැඩිමින්ටන් සූරතාවලියේ දී මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව ද්විත්වයෙම් රන් පදක්කමට උරුමකම් කී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ,ඊයේ පස්වරුවේ සිට කේවල,යුගල සහ මිශ්‍ර යුගල තරගවලින් ජයග්‍රහණ වාර්තා කරමින් එම තරග අංශවලද සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නට සමත් වූහ.


හෙට තරගාවලියේ අවසාන දවස වන අතර අද තරගවෙලියේ දෙවන දවසයි.ඊයේ (අගෝස්තු 20) පැවති තරගවලදී අවුරුදු 15 න් පහළ තරග අංශවලදී සෙනුත් නෙත්මිත පෙරේරා සහ නෙත්මි රත්නායක මිශ්‍ර යුගල තරග ජයග්‍රහණයක් වාර්තා කළේ නේපාලයේ සුබින් ශ්‍රේෂ්තා සහ රෙහානා ශර්චාන් ට එරෙහිවය.එම තරගයේ ලකුණු තත්ත්වය වූයේ 21 -9 ක් සහ 21 – 10 ක් ය.අවුරුදු 17 න් පහළ කේවල පිරිමි තරගයට ඉදිරිපත් වූ තිදැස වේරගොඩ නේපාලයේ අරුන් අධිකාරිව පරාජයට පත් කළේ 21 – 10 සහ 21 -14 ක් ලෙසය.එම වයස් කාණ්ඩයේ කාන්තා කේවල තරගයට ඉදිරිපත් වූ රනුමි මානගේ 21 – 7 ක් සහ 21 – 9 ක් ලෙස භූතානයේ ක්‍රිටී ගුරුන්ග් පරාජයට පත් කළාය.
අද අවුරුදු 15 න් පහළ තරග අංශයේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා සහභාගි වන ක්‍රීඩකයින් සහ යුගලයන් පහත දක්වා ඇත.

සිතුලි රණසිංහ (කාන්තා කේවල)
කෙනත් අරුග්ගොඩ (පිරිමි ඒකල)
කෙනත් අරුග්ගොඩ සහ සිතුලි රණසිංහ – (මිශ්‍ර යුගල)
නෙත්මි රත්නායක ( කාන්තා කේවල)
සෙනුත් සත්මිත පෙරේරා ( පිරිමි කේවල)

අවුරුදු 17 න් පහළ තරග අංශයෙන් තරග බිමට පිවිස අර්ධ අවසන් පූර්ව තරග නියෝජන කරන ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත පරිදිය.
තිදැස වේරගොඩ සහ රනිත්මා ලියනගේ ( මිශ්‍ර යුගල)
හිරුක අලුත් පටබැදි ( පිරිමි කේවල)
හිරුක අලුත් පටබැදි සහ තිදැස වේරගොඩ ( පිරිමි යුගල)
තිදැස වේරගොඩ ( පිරිමි ඒකල)
රනුමි මානගේ (කාන්තා ඒකල)
රනිත්මා ලියනගේ (කාන්තා ඒකල)

ඡායාරූපවල දැක්වෙන්නේ ඊයේ කණ්ඩායම් තරග ජයග්‍රහණ වාර්තා කිරීමෙන් ඉනික්බිතිව ශ්‍රී ලංකා කණ්ඩායම් ජය සංඛේත ප්‍රදානයට එක් වූ අවස්ථාවන්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...