ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිත් එක්වෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට සමත්ව ඇති බව පැවසේ.

මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන “A ” ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද “A ” ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබෙන බව සඳහන් වේ.

මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අතර ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබන බව පැවසේ.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රේණි ගත කිරීම කරනු ලබයි.

ඒ අනුව ,

The Central Bankers earning an A+ grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Denmark Christian Kettel Thomsen

India Shaktikanta Das

Switzerland Thomas Jordan

The Central Bankers earning an A grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Brazil Roberto Campos Neto

Chile Rosanna Costa

Mauritius Harvesh Kumar Seegolam

Morocco Abdellatif Jouahri

South Africa Lesetja Kganyago

Sri Lanka Nandalal Weerasinghe

Vietnam Nguyen Thi Hong

The Central Bankers earning an A- grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Cambodia Chea Serey

Canada Tiff Macklem

Costa Rica Roger Madrigal Lopez

Dominican Republic Héctor Valdez Albizu

European Union Christine Lagarde

Guatemala Alvaro Gonzalez Ricci

Indonesia Perry Warjiyo

Jamaica Richard Byles

Jordan Adel Al-Sharkas

Mongolia Byadran Lkhagvasuren

Norway Ida Wolden Bache

Peru Julio Velarde Flores

Philippines Eli Remolona

Sweden Erik Thedéen

USA Jerome Hayden Powell

ලෙස සඳහන්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...