කියන්නේ එකක්. කරන්නේ තව එකක්.පෙළපාලි යාම ත්‍රස්තවාදී වැඩක්ද? – SJB ප්‍රශ්න කරයි (VIDEO)

ත්‍රස්තවාය වැලැක්වීමේ පනත යොදාගනු ලබන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් බවට ජනාධිපතිවරයා පැවසුවද දැන් සිදුවෙමින් තිබෙන්නේ එම පනත හරහා දේශපාලන ක්‍රියාකාරීන් මර්ධනය කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ වන විට ශිෂ්‍ය ක්‍රියාකාරික වසන්ත මුදලිගේ ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන්ට චෝදනා එල්ල කිරීමට හේතු දැක්විය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ජනාධිපතිට විරුද්ධව සහ මැතිවරණයක් ඉල්ලා පෙළපාලි යාම ත්‍රස්තවාදයට අයත් වන්නේ කෙසේදැයි යන්න අත්තනායක මහතා ප්‍රශ්න කර සිටියි.

කෙසේවෙතත් ආණ්ඩුව දැන් සිදුකරමින් සිටින්නේ ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට මර්ධනය සදහා හදිසි නීතිය යොදා ගැනීම බව හෙතෙම අවධාරණය කරයි.

”මේ හදිසි නීතිය වහාම අහෝසි කළ යුතුයි.මර්ධනය නැවැත්විය යුතුයි.ලබන මාසය වන විට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය රැස් වෙනවා.අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මම අහනවා. ඒ වගේ GSP+ ලබා ගන්නේ කෙසේද කියලා අපි අහනවා. උද්ඝෝෂණ නවත්වන්න කදුලු ගෑස් ගැසීම නැවැත්විය යුතු බවත් බොහෝ සංවිධාන ප්‍රකාශ කර තිබුනා.මේ කදුලු ගෑස් කල් ඉකුත් වෙච්ච ඒවා වෙන්න පුලුවන් ඒ නිසයි ඒ අය එහෙම ඉල්ලන්නේ. රනිල්ගෙන් ජනතාව බලාපොරොත්තු උනේ මේක නොවෙයි. රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් තමයි බලාපොරොත්තු වුනේ. මේ හදන්නේ මර්ධනයෙන් රට ගෙනියන්නයි.සමඟි ජන සන්ධානය ලෙස අපි ඒකට විරුද්ධයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...