කියන්නේ එකක්. කරන්නේ තව එකක්.පෙළපාලි යාම ත්‍රස්තවාදී වැඩක්ද? – SJB ප්‍රශ්න කරයි (VIDEO)

Date:

ත්‍රස්තවාය වැලැක්වීමේ පනත යොදාගනු ලබන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් බවට ජනාධිපතිවරයා පැවසුවද දැන් සිදුවෙමින් තිබෙන්නේ එම පනත හරහා දේශපාලන ක්‍රියාකාරීන් මර්ධනය කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ වන විට ශිෂ්‍ය ක්‍රියාකාරික වසන්ත මුදලිගේ ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන්ට චෝදනා එල්ල කිරීමට හේතු දැක්විය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ජනාධිපතිට විරුද්ධව සහ මැතිවරණයක් ඉල්ලා පෙළපාලි යාම ත්‍රස්තවාදයට අයත් වන්නේ කෙසේදැයි යන්න අත්තනායක මහතා ප්‍රශ්න කර සිටියි.

කෙසේවෙතත් ආණ්ඩුව දැන් සිදුකරමින් සිටින්නේ ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට මර්ධනය සදහා හදිසි නීතිය යොදා ගැනීම බව හෙතෙම අවධාරණය කරයි.

”මේ හදිසි නීතිය වහාම අහෝසි කළ යුතුයි.මර්ධනය නැවැත්විය යුතුයි.ලබන මාසය වන විට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය රැස් වෙනවා.අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මම අහනවා. ඒ වගේ GSP+ ලබා ගන්නේ කෙසේද කියලා අපි අහනවා. උද්ඝෝෂණ නවත්වන්න කදුලු ගෑස් ගැසීම නැවැත්විය යුතු බවත් බොහෝ සංවිධාන ප්‍රකාශ කර තිබුනා.මේ කදුලු ගෑස් කල් ඉකුත් වෙච්ච ඒවා වෙන්න පුලුවන් ඒ නිසයි ඒ අය එහෙම ඉල්ලන්නේ. රනිල්ගෙන් ජනතාව බලාපොරොත්තු උනේ මේක නොවෙයි. රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් තමයි බලාපොරොත්තු වුනේ. මේ හදන්නේ මර්ධනයෙන් රට ගෙනියන්නයි.සමඟි ජන සන්ධානය ලෙස අපි ඒකට විරුද්ධයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...