බිත්තර නිෂ්පාදන මිල ගැන වෙළෙඳ ඇමතිව අන්දලාද? (VIDEO)

Date:

බිත්තර වල සිල්ල මිල සඳහා උපරිම මිලක නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබුණුද එය නිවැරදි දත්ත පදනම් කරගනිමින් සිදුකර නැතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කළේය.

ඒ, අද (22) බිත්තර නිෂ්පාදනය සඳහා වැය වන නිවැරදි පිරිවැය වාර්තාවන් අගමැති කාර්යාලය වෙත භාර දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සාමාන්‍යයෙන් මාස තුනකට වරක් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපර්තම්නේතුව විසින් බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය වාර්තාවක් නිකුත් කරන අතර අගෝස්තු මාසය වන විට එය රු. 49.50ක් ලෙස දක්වා ඇති පසුබිමක ඊට වඩා පහළ අගයකින් බිත්තරයක සිල්ලර මිල නියමකරමින් වෙළෙඳ ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම් සාධාරණ නැති බව එම සංගමය පෙන්වාදුන්නේය.

කිසියම් හෝ පාර්ශවයක් ඇමතිවරයාට වැරදි දත්ත ලබාදී ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.

ඒ අනුව අද පස්වරු 02.00ට වෙළෙඳ ඇමතිවරයා මුණ ගැසී මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට නියමිත අතර මෙහිදී නිෂ්පාදකයා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන තිදෙනාම ආරක්ෂා වන පරිදි විසඳුමකට පැමිණීමට බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...