සතියක් වෙජිටේරියන් වෙලා බිත්තර අප්පුහාමිලාට පාඩමක් උගන්වමු – අසේල (VIDEO)

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හාල් සඳහා නිකුත් කළ ගැසට් 13ම රිවස් කර අවසානයේ මතුවූයේ සිංගප්පූරුවෙන් වන අතර බිත්තර සඳහා වන සිල්ලර මිලට නිකුත් ඇති ගැසට්ටුව රිවස් කළ හොත් වත්මන් ජනාධිපතිවරයාට මතුවීමට තැනක් නැති වනු ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මහතා (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ,බිත්තර පාලන මිල අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණි අවස්ථාවේදීය.

තමන් ඇතුළු පිරිස උත්සහ කරන්නේ බිත්තර නිෂ්පාදකයින්ගේ බඩට ගැසීමට නොව මාෆියාව පරාජය කිරීමට බවයි අසේල සම්පත් මහතා සඳහන් කළේ.

”සජිත් ප්‍රේමදාසවත් අනුර දිසානයකවත් මේවා කතා කරන්නේ නැහැ. හැබැයි මේ රටේ ජනතාවගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය එක්ක අපිට නිහඬව ඉන්න බැහැ. අපි කියනවා බිත්තර නිෂ්පාදකයින්ට අද සිට බිත්තර සැපයුම නතර කරනවා නම් අපිත් අද සිට වෙජිටේරියන්. එක බිත්තරයක් කන්නේ නැහැ සතියක් යනකං. අපි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලනවා බිත්තර දිහා ඇහැක් ඇරලා බලන්න එපා. ඔය නග්ගපු නැග්ගිලි ඔක්කොම බහිනවා. ඒ නිසා අපි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලනවා බිත්තරය රු.60ට දිගටම කනවද? සතියක් නොකා බිත්තරය රු.30-40ට කනවද? ඒ නිසා අද සිට වෙජිටේරියන්.”’

ඒ අනුව කොන්ද කෙළින් තබාගෙන පාරිභෝගික අධිකාරිය ගැසට්ටුව නිකුත් කළ මිලට බිත්තර දෙන ලෙසත් එසේ නොහැකි නම් විදේශයකින් හෝ බිත්තර ආනයනය කර දෙන ලෙස අසේල සම්පත් මහතා ඉල්ලා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...