සිංහල බෞද්ධ දමිළයන් ….

Date:

ලක්ෂ්මන් කදිරගාමර් සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වැනි දෙශපාලකයින් දකුණේ සිංහල බෞද්ධ සමාජය තුල ජනාදරයට පත්වූ දෙශපාලකයින්ය. ඔවුන් කෙතරම් දකුණේ සිංහල බෞද්ධ සමාජය තුල ජනාදරයට පත්වූවා දැයි කියතොත් ඔවුන් නමින් අගනුවර ගුවන් පාලම්, මංමාවත්ද ඉදිකෙරිනි..වරක් ලක්ෂ්මන් කදිරගාමර් අගමැති දූරයටද යෝජනා වී තිබිණ.

ඔවුන් මෙසේ දකුණේ සිංහල සමාජය තුල ජනාදරයට පත්වීමට හේතුව ඔවුන් දකුණේ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයේ නියෝජිතයන් මිස උතුරේ හෝ වතුකරේ ආන්තික දෙමළ ප්‍රජාවගේ නියෝජිතයන් නොවීම නිසාය. සත්‍ය ලෙසම ගත් කල ඔවුන් සතුව දෙමළ යැයි කීමට තිබුනේ ඔවුන්ගේ දෙමළ නම් සහ පෙලපත් නාමය පමණි….

මෙහිදී දකුණේ සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් පෙනීසිටිමින් සමාජයේ ඉහලට ගොඩවීම සඳහා අරූන් සිද්දාර්ථන් අනුගමනය කරමින් සිටින්නේද කදිරගාමර් මාවතමය.

නමුත් ඔහුට රාජපක්ෂ සහ ගම්මන්පිල ,වීරවංශ වර්ගයේ දේශපාලකයින්ගෙ බාල අතකොළුවක් වනු මිස කිසිදා කදිරගාමර් කෙනෙකු හෝ ජෙයරාජ් කෙනෙකුද විය නොහැකිය.

හේතුව ඔහු කදිරගාමර් සහ ජෙයරාජ්ලා මෙන් උතුරේ හෝ දකුණේ කිසිදු ප්‍රභූ කුලකයන්ට අයත් පුත්ගලයෙක් නොවීමයි. අරූන් සිද්දාර්ථන් දෙමළ සමාජයේ විරුද්ධවාදීන්ගේ සුරතලෙක් බවට පත්වීම සඳහා දෙමළ සමාජය තුල ඔහුට උප්පත්තියෙන් උරුමවූ නිර්ප්‍රභූ හීනමානය ද හේතුවූවා විය හැකිය….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...