රනිල් තනියම කරපු දෙයක් නැහැ.අපි ඔක්කොම එකතු වෙලා තමයි පෝලිම් නැති කළේ – කුට්ටිආරච්චි

Date:

කොළඹ LNW:රටේ පැවති පෝලිම් නැති කළේ රනිල් වික්‍රමසිංහ මහතා තනිව නොව ආණ්ඩුවක් ලෙස එක්ව සියලු දෙනාගේ මැදිහත්වීමෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (23) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

”රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරනකොට ඔහු තනි පුද්ගලයෙක්. පොහොට්ටුවේ 134ක ජන්දය ලැබෙන්නේ පොහොට්ටුවේ බහුතරයත් එක්ක. තවමත මම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. කාංචන ආණ්ඩු පක්ෂයේ ඇමති.ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ඇමති.මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේ.මිලාන් ජයතිලකලා,කොකිලාල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු.අපි තම ඉන්නේ ආණ්ඩුවේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි පෝලිම් ටික නතර කළේ. ඒක නතර කරන්න තැලුව දුන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.”

ඒ මොහොතේ පැවති තත්ත්වය අනුව පොහොට්ටුවේ හෝ රාජපක්ෂවරයෙකුට අගමැතිකම නොගන්නා ලෙස බලකෙරුණු තත්ත්වයක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමට පත්කර ජනාධිපති දක්වා පැමිණියේ යනුවෙන්ද කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

එසේ නොවුණේ නම් ඒ මොහොතේ රාජපක්ෂවරයෙකුට හෝ පොහොට්ටුවේ වෙනත් කෙනෙකුට අගමැතිකම,ජනාධිපතිකම ගත හැකිව තිබූ බවද ඔහු කියාසිටියේය.

පෝලිම් නැති කළ එකට එය රනිල් වික්‍රමසිංහ පමණක් කළ බවට කියා සතුටු නොවන ලෙසත් ආණ්ඩුව විසින් එය කළ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

තෙල් පෝලිම,ගෑස් පෝලිම නතර කිරීමට ප්‍රධාන සාධකය වූයේ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් සාකච්ඡා කර ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් හරහා ගෙනා ඩොලර් බිලියන හතර නිසා බවද ඔහු තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...