*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🍎ධම්මික හා සිලින්ඩර ඩීල් එකක් සිදුවුණා ද….?

🍎අධිකරණය කපටි නරියා වලිගෙන් එල්ලීම…..?

🍎රනිල්ටත් දිගටම ලොතරැයි දිනුම්……?

🍎තිත්තයි කියා නොගොස් නරියා මිදි වල්ලට ගේම දීම….?

🍎අපේක්ෂකයන්ගේ ආරක්ෂාව උපරිම කිරීමට ජනපති උපදෙස්…..!

🍎 පළාත් පාලන ඡන්දෙට එදා රු කෝටි 1000 වැයකලා නම් තාම රටේ පෝළිං…..!

🍎පළාත් පාලන එන්නේ හතරවන ඡන්දය ලෙසයි…..?

🍎ජවිපෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මිණීමරලා භීෂණට ඇරඔුවේ 1987 අගෝස්තු වලයි ……?

🍎වැට් බදු අඩුකරලා පොලී හා ඇප නැතිව ණය දෙනවා වැනි විකාර කියන්නෙ මාළිමාව පරදින බව දැනගෙනයි….!

🍎සජබ – නරි ඩීල් එක පාවාදුන් සබරගමු බලවතා එළිවෙයි…..?

🍎කෝඩුකාරයින්ට ජනපතිකම් කරන්න බෑ කියලා 2019 ඔප්පු වූ හැටි…..?

🍎ගොවි, ධීවර හා රාජ්‍ය සේවකයන්ට නරියාගෙන් තෑගි.

ශ්‍රේෂ්ටාධිකරණ තීන්දු කපටි නරියාගේ කරටි කරකවා අතහැරි තරම්ය. පොලිස්පති, හරීන් – මනුෂ , VFS වීසා ලගට පළාත් පාලන ඡන්ද ගැන නරියා වලිගයෙන් එල්ලා තිබේ.

“බංකොලොත් රටක් ගොඩ ගන්න වසර 10 – 15 ක් ගියත්  බනිද්දි වසර 02 න් මම බේත් දුන්නා. ඒක නොකර පළාත් පාලන ඡන්ද කරලා රු කෝටි 1000 ක් නැතිකළා නම් මිනිස්සු තාම පෝළිමේ. ඒ නිසා ඒ ඡන්ද කල්දැමීම ගැන සතුටුයි” නරියා  පිළිතුරු දුන්නේ එහෙමය.

“ජනපතිවරණෙන් පස්සෙ මහමැතිවරණයයි. ඒ සල්ලි හරි. පළාත් සභා තියලයි පළාත් පාලන ගැන හිතන්නේ” නරි ප්ලෑන හීනියට එළියට ආවේය.

“කෝඩුකාරයින්ට ජනාධිපතිකම් කරන්න බෑ කියල 2019 දි ඔප්පු වුණා” සුසිල් ඇදලා ඇරියේ ද ඒ රැස්වීමේදීමය.

නරියා මිදි තිත්තයි කියා අත නොහැර දහං ගැටගසා මිදි වල්ළට ගේම දෙන්නට හදයි. මල්පාර කාර්යාලය දැන් ගේම් හා ඩීල් වල මර්මස්ථානය වී තිබේ. 

“වසර 36 කට කලින් 1987 අගෝ: 18 අද වගේ දවසකයි ජවිපෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගහල මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මරල ඇතුලත්මුදලි ප්‍රේමදාස මැතිතුමන්ලාට තුවාල කරල කෙටි පාරෙන් බලය ගැනීමේ භීෂණය පටන් ගත්තෙ” නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මතක් කර දුන්නේය.

අනුරපුර මුල්ම රැළියට ගිය ඔහු ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය වැද අටමස්ථානාධිපතිද බැහැදැක්කේය. රැළියට නරියා බහිනවිට. වැස්ස ය.

“මේ මල්වැහි. අනුරපුරේට වහිනවා කියන එකම සුබම දෙයක්. මෙතුමා නායකත්වය දෙන්නේ පක්ෂයකට නොව වැටුණ රට කෙළින් කරන්නයි. සෙසු අපේක්ෂකයන් හා මොහු අතර වෙනස එයයි” දුමින්ද දිසා දාර්ශනික වාක්‍යයක් දැම්මේය.

සදුදා බිරිද මෛත්‍රී සමග නුවර ගියේ පෙරහැරට ය.එය නරඔා ක්වීන්ස් හෝටලයෙන් බැස්සේ ජනපති මැදුරට යාමට බව ආරක්ෂක අංශ සිතුවෝය. ගමන්මග වෙනස්කොට යන්න කී ඔහු ජනතාව සිටි තැනකදී රියෙන් බසිද්දී පිරිස පුදුමයට පත්වුහ.

බඩුමිල අඩුකරන්න, රස්සා දෙන්න සර්" මිනිසුන් කෑගැසුවේ එහෙමය.

“රුපියල තව ශක්තිමත් වුණාම ඔක්කොම වේවි. දැන් පෝළිමේ හිටිය නම් පෙරහැර බලන්න එන්න වෙන්නෙ නෑ නේද” නරි ෂොට් ද ප්‍රබල ඒවා විය.

අපේක්ෂකයෙකු වුවද ජනපති රාජකාරි සඳහා සදුදා වෙන්කරන ලෙස ලේකම් සමන්ට උපදෙස් ලැබිණ. කැබිනට්, ආරක්ෂක හා ආණ්ඩු පක්ෂ රැස්වීම් එදිනට පමණක් සීමා කළේ ඒ තුළ ය. මෙවර කැබිනට් හමුවේදී ගොවීන්ට පොහොර ධීවරයන්ට ඩීසල් සහන හා රාජ්‍ය සේවකයන්ට 24% සිට 50% දක්වා පඩි වැඩි කිරීමේ යෝජනා සම්මත වූහ.

“ඔිවා කරන්න බෑ. අහුවෙන්න එපා” මාළිමා අන්රයියා කියන්නේ එහෙමය.

“මාළිමාව ආවොත් වැට් අඩුකරලා දුගී පවුලකට මාසෙකට රු 10,000 ක් හා පොලී නැති ණය දෙනවා” අනුර කියයි.

“එයා දෙන ඒව කරන්න පුළුවන් අනිත් ඒව බොරුලු. දැන් සමෘද්ධිය වගේ තුනක් අස්වැසුම දෙනවා. 10, 000 ඒකයි අතර ලොකු වෙනසක් නෑ. වැටි අඩු කලාම අඩුව පුරව ගන්න හැටි කියන්නෙ නෑ. ගෝටා රට ඉවර කළෙත් යාළුවන්ට බදු සහන රු බිලි 700 ක් දීලයි. වැටි අඩු කරනවා කියන්නෙ අනුර දිනන්නෙ නෑ කියල එයාම පිළිගන්න එකයි මේ කරන්නෙ” මහචාර්ය ආශු ගේ විග්‍රහය කාගේත් අවධානයට පාත්‍ර විය. 

මෙවර ආරක්ෂක මණ්ඩලයේදී අපේක්ෂක ආරක්ෂාව ගැන ද දැඩි අවධානය යොමු කෙරිණ.

සජබ මන්ත්‍රීලා ඩීල් කිරීම කලක පටන් සිදු කෙරිණ. රාජිත හා තලතා ට කරණම් පුහුණු කළේ ඔවුන්ය. තව පෝළිමකට පුහුහු කෙරෙන්නේද ඒ තුළ ය. මෙම ඩීල් එකට සජබ නායකත්වය දුන් කෙනා අන්තිමේ සියල්ල පාවා දුන්නේය. ඔහු සබරගමුවේ කුඩා දිස්ත්‍රික්කයේ සුළු ජාතික අයෙකි. තලතාට මන්ත්‍රීකමෙන් ඉවත්වීමේ උපදෙස ලැබුණේ ද නරියාගෙනි. දුරකතන අක්‍රිය කොට තලතා සමුගැනීමේ කතාව ලීවාය. බදාදා පාර්ලිමේන්තු එනතෙක් ඇය මිසිං ය. තලතා කොටු කිරීමේ සජබ වෑයම ඇද වැටුණේ ද ඒ තුළය. ඇය ආ විගස කබීර් අල්ලපු අසුනට පැමිණ වාඩිවුයේ “සොරි” කීමටදැයි දන්නේ නැත. කතාව කර ඇය පිටව ගියේ මයන්ත හා මාන්නප්පෙරුම සමඟය.

“ඔයා කරන වැඩ නිසා අපිත්අනාථ වෙනවනේ” පිටව යන තලතාට මුණ ගැසුණු රිෂාඩ් බදියුදීන් කීවේය.

“මගේ කතාවෙදි සියලු දේ කිව්වා. එදා ඔයයි බිරිදයි අමාරුවෙ වැටුණ වෙලාවෙ පිහිට වුණේ කවුද කියල මතක් කරගන්න” තලතා කීවාය. නරියා රිෂාඩ් ට එම අවස්ථාවේදී දුක්ගන්නා රාළ වූ හැටි යන්තමට ලීක් වුයේ ඒ තුළ ය.

බුහස්පතින්දා නරියා මල්පාරට ආවේ මෙහෙයුම් රසකටය. එහිදී තලතා හා සජබ ඇතුලත ගැන ද කතාබහ කෙරිණ. 

සජබ  සමහර නායකයො ආත්මාර්ථකාමී, කොලිටියක් නැතුව වැඩ කරන අය බවද කීප දෙනෙකුගේ තනිමතය ට විනා සාමුහික තීන්දු නැති බවත් ජේෂ්ඨයන් යටපත් කොට කණිෂ්ට අයට හා ලගදී පැමිණි අයට වැඩි අවස්ථා දීම  මෙන්ම උසස් යයි කියවෙන කුල වල අය යටපත් කිරීම ඇතුළු කරුණු රැසක් එළිකලේ ලන්සා ය.

“කටුනායක සජබ රැළියට සෙනග මදිලු. කාවින්ද හා මාන්නප්පෙරුම ගිහිනුත් නෑ. ලක්ෂ්මන් පොන්සේක සංවිධායකයන්ට දෙහි කපලා” ඇමති ෂෙහාන් කීවේය.

“Dr සුදර්ශනීට මුලසුනත් නෑ එයාගෙ සෙනග ඇවිල්ලත් නෑ. ගමිපහ හොදටම අවුල්. කාර්යාල දාන්න ගිහිනුත් වලිලු” දොළවත්ත කීවේ එහෙමය. ඉරිදා පැවැත්වෙන එජාප සමුළුවේදී සජබ නායයාමක් තවදුරටත් පුදර්ශනය විය හැකි බවට ද කසුකුසු ඇතිවිය. නරියාගේ පලු යැවූ මිත්‍රපාල හා යාපනේ අංගජන්ගේ ස්වීප් දෙක ද නරියාට ඇදුනේය.

“ලොක්ක හෙමිජ්ජ වගේ ඉදගෙන ගේම කරකවනවා. අපිට තියෙන්නෙ බිමට බැහැල තල්ලුව දෙන්නයි” වෛද්‍ය රමේෂ් කීවේ එහෙමය.

පොහොට්ටු අපේක්ෂකත්ව ලනුව නොකා ඇගත් සල්ලි ලාච්චුවත් බේරාගත් ධම්මික පසුගියදා නරියාට හමුවිය. ඔහුගේ කොම්පැණි ජාලය හා අධ්‍යාපන සමාජ සේවාව හරහා ගොඩ නැගී ඇති ශක්තිය තීරණාත්මක මොහොතක අපතේ නොයවා රටට ප්‍රයෝජන ගැනීම ගැන එහිදී අදහස් හුවමාරුවී තිබේ. තවද සජබට පැන්න වේලුකුමාර්ට “බාර්කුමාර්”යයි කියා ගුටිබැට දීගත් දිගම්බරම් ද නරි ගැටේකට අහුවෙන නොවන ගාණට බව ද නියවේ.

නරියා සති අනිතයේ නැව් නොව හෙලිකොප්ටර් නැග්ගේ නැගෙනහිර යාමට ය. කොවිඩ් කාළේ පුච්චපු මළ සිරුරු වලට වන්දි දෙනබව කීවේය. නැගෙනහිර දේශපාලන ඩීල් නිමවා දඔුළු එන්නේ තලගොයිත් මරන්නට ය. ඉරිදා එජාප සමුළුවට නරියා බහින්නේ දඔුල්ලේ සිට ය. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan