සටහන – රුවන් නෙළුගොල්ල
සැප්තැම්බර් 05 වනදා සිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් රටපුරා විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
“ජී.එල්. පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතිව පාරට බැහැලා කරන්න කියන්න. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන. එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා, රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා, අරහෙට වඩා එකක් තියෙනවා, මෙහෙට එකක් තියෙනවා …. ඒවා වැඩක් නැහැ. වචන වැඩක් නැහැ.
අන්න අපි ජාතික ජනබලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.
මේ සැප්තැම්බර් 5වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙනවා දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්නකෝ”
නලින්ද ජයතිස්ස අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


