සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) සභාපති සුනිල් ජයරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු එම තනතුරට පත්වූයේ 2024 නොවැම්බර් මාසයේදී ය.
සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ පැවති පරිපාලන ගැටලු හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව පත්කරන ලද රාජ්ය ආයතන ප්රධානීන් රැසක්ම විවිධ අවස්ථාවල ඉල්ලා අස්වන ආකාරය පසුගිය සමයේදී දක්නට ලැබිණි.


