රෂිකා හෙන්නායක අගෝස්තු 23 , කොළඹ LNW :
ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ කොළඹ වරාය නගරය තුළ මේ වන විටත් ඩොලර් බිලියන 2.1 ක ආයෝජන තහවුරු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඉදිරි වසර පහ ඇතුළත මෙම අගය ඩොලර් බිලියන 4.1 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් පවතින අතර, මේ යටතේ නේවාසික සංකීර්ණ, හෝටල් සහ සම්මන්ත්රණ මධ්‍යස්ථාන වැනි යටිතල පහසුකම් මේ වන විටත් ඉදිවෙමින් පවතී.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වසර 15 සිට 23 දක්වා කාලයක් සඳහා ලබාදෙන නව බදු සහන හරහා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම රජයේ මූලික අරමුණයි.
මීට අමතරව, ආයෝජන මණ්ඩලය මඟින් සිදු කෙරෙන ව්‍යාපෘතිවලින් බැහැරව මෙම ආයෝජන සෘජුවම වරාය නගරය වෙත ගලා එන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
බදු සහනවලට අමතරව ආර්ථික ස්ථාවරත්වය සහ විශ්වාසය ගොඩනැගීම හරහා ලෝකයේ ප්රමුඛ පෙළේ ආයෝජකයින් දිනා ගැනීමට රජය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ හිතකර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම මෙම සමස්ත වැඩපිළිවෙළේ ප්‍රධාන අපේක්ෂාව බව පෙනී යයි.


