සෞන්දර්යට පිවිසෙන්න නර්තන සහ නාට්‍ය පරීක්ෂණ මඟ හැරුණු අයට තවත් අවස්ථාවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 24, (LNW) කොළඹ :


සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම සඳහා නර්තනය සහ නාට්‍ය විෂය වෙනුවෙන් කැදවා තිබුණු ප්‍රායෝගික පරීක්ෂණයට,කුමන හෝ හේතුවක් නිසා පෙනී සිටින්නට නොහැකි වූ පිරිසට නැවත අවස්ථාවක් ලබා දීමට තීරණය වී තිබෙනවා.එම ප්‍රායෝගික පරීක්ෂණ දිනය 2024 අගෝස්තු මස 26 වන දා ලෙස නම් කර තිබෙනවා.
කුමන හෝ හේතුවක් නිසා පළමු පරීක්ෂණ දිනය වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකි වූ දරුවන්ට නැවතත් එම අවස්ථාව මඟ හැරි යා හැකි බැවින් මේ කාරණය සිය පණිවිඩය සමාජ මාධ්‍ය ජාල හරහා ද බෙදා දෙන ලෙස ඉල්ලමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන් කුමාරතුංග සිය ෆේස්බුක් ගිණුම හරහා ද ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ දැණුම් දීම නොලැබුණු සිසු – සිසුවියන් වෙත මේ පණිවිඩය තව දුරටත් සංනිවේදනය කිරීම මහාචාර්යවරයාගේ අරමුණ වී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...