රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ

Date:

බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාව බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කළේ අධිකරණය විසින් මිස ඊට කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.

“මේක රජයේ නොහැකියාවද, එහෙම නැත්නම් රජයේ හැකියාවද කියන එක තේරුම් ගන්න ඕනෙ කියන එකයි මගේ අදහස. අපි බලයට එන්න කලින් වේදිකාවල කිව්වා නීතිය කියන එක හැමෝටම පොදුයි කියලා. අපි කිව්වෙ නැති බැරි දුබල කෙනාටත් ඇති හැකි ප්‍රබලයාටත් නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරනවා කියන එකනෙ. එතකොට මේක අධිකරණය විසින් ගත්ත තීන්දුවක්. මේක කිසිම විදියක දේශපාලන තීන්දුවක් නෙවෙයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාව මේ වෙලාවේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා කියන එක දේශපාලන තීන්දුවක් නෙවෙයි, ඒක නීතිය විසින් ගත්ත තීන්දුවක්. එහෙම නැත්නම් අධිකරණයේ තීන්දුවක්. බලයට එන්න කලින් අපි කිව්වා අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් අපි හදනවා කියලා. ඒ කියන්නෙ අධිකරණ කටයුතුවලට කිසිම විදිහකින් ඇඟිලි ගැසීමක් මේ දේශපාලනයෙන් සිද්ධ වෙන්නෙ නෑ. එතකොට යම් හෙයකින් මේ නීතිය ක්‍රියාත්මක නොවුණා නම් තමයි ආණ්ඩුවක් විදියට අපි වැරදි වෙන්නෙ. කෙනෙක් වැරැද්දකට චෝදනා ලබලා තියෙනවා නම් ඒකට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්න එක පොලීසියේ, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ, අල්ලස් කොමිසමේ සහ අධිකරණයේ කාර්යභාරයක්. ඉතින් ඒ කාර්යභාරය හරියටම සිද්ධ වෙමින් පවතිනවා”

“ගෝඨාභය රාජපක්ෂ පළවාහැරියාට පස්සේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට බලයට පත්වුණාට ඔහු කිසිම විදියකින් ජනවරමකින් බලයට පත්වුණු කෙනෙක් නෙවෙයි. ඒ කියන්නෙ කුමන්ත්‍රණයකින් බලයට පත්වුණු ජනාධිපතිවරයෙක්. ඔහු මේ රට ගොඩනැගුවෙ නෑ. ගොඩනැගුවා නම් මේ වෙනකොට මේ රට සුඛිත මුදිත වෙලා තියෙන්න එපැයි ? අදත් මේ රටේ මිනිස්සු දුක් විඳිනවානෙ ? අපි ආණ්ඩුව අරගෙන දැනට අවුරුද්දකට අඩු කාලයක්. අපි පුළුවන් තරම් උත්සාහ කරමින් ඉන්නවා නාස්තිය දූෂණය අවම කරමින්, විශේෂයෙන් මේ රටේ පාලකයො විදියට අපි දේශපාලනඥයින්ට වෙන්කරලා තිබිච්ච අනවශ්‍ය වැය ශීර්ෂයන් ඉවත් කරමින්, අනවශ්‍ය සුව පහසුව ඉවත් කරමින් – මං කියන්නෙ ජනතා නියෝජිතයෙකුට වැඩ කරන්න යම් පහසුකම් ටිකක් අවශ්‍යයයි – ඒ අවම පහසුකම් සහිතව ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරියගේ සිට පහළට සියලු දෙනා ඉතාම අවම සම්පත් එක්ක තමයි වැඩ කරන්නෙ. හැබැයි අපි අපේ කාර්යභාරය හරියට කරනවා”

“නමුත් මතක තියාගන්න බංකොලොත් රටේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ අනුප්‍රාප්තික ජනාධිපති ධුරය ගත්තෙ. ඒ බංකොලොත් රටේ තමයි මේ කෝටි ගණන් ධනය නාස්ති කරලා කියලා චෝදනාවට ලක්වෙලා තියෙන්නෙ. ඉතින් ඒවාට දඬුවම් කරන්නෙ නැත්නම් මහා පාපයක් නෙ ? ඒ කියන්නෙ මිනිස්සු විශ්වාස කරානෙ අපි මේ රට බංකොලොත් කරපු, මේ රටේ මිනිස්සුන්ගෙ ධනය කාබාසිනියා කරපු මිනිස්සුන්ට දඬුවම් දෙයි කියලා ? ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ අපේක්ෂාව. මිනිස්සුන්ගෙ අපේක්ෂාව තමයි ඒකට නීතියෙන්, අධිකරණ ක්‍රියාවලියක් මගින් – එහෙම නැතුව අපිට හිතේ මනපෙට මිනිස්සු බෙල්ලෙන් ඇදගෙන ගිහින් හිරේ දාන්න බැහැනෙ. එහෙම කරන්න අපට බලයක් දීලා නෑ මිනිස්සු. අපට දීලා තිබෙනවා මේ රට මේ තිබෙන මට්ටමින් යම් මට්ටමකට ඔසවා තබන්න ජනවරමක්. ඒ ජනවරම භාවිතා කරමින් අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා සහ අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩදීලා තියෙනවා, පොලීසියට හමුදාවට ස්වාධීනව කටයුතු කරන්න ඉඩදීලා තියෙනවා. ඉතින් ඒ ආයතන ඔවුන්ගෙ අදාළ නීති සීමාවන් තුළ කටයුතු කරමින් ඉන්නවා, අපි අපේ සීමාව තුළ අපට කළ හැකි දේ කරමින් ඉන්නවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය කරනවා නම් රිමාන්ඩ් වෙන්නත් ඕනේ. නැත්නම් ඒ දේශපාලන චරිතය සම්පූර්ණ වෙන්නේ නැහැ!

කොළඹ LNW:රටේ දේශපාලඥයෙක් ලෙස රිමාන්ඩ් භාරයෙවත් නොසිටියහොත් එම දේශපාලන...

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...