අපි ආණ්ඩුවක් ගත්තේ අවුරුදු දහයකින් දීලා යන්න නෙවෙයි. නඩු අහලා ඉවරවෙද්දී ගන්න කෙනෙක් ඉතුරු වෙයිද දන්නෙත් නෑ – වසන්ත

ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගත්තේ වසර පහකින් හෝ දහයකින් වෙනත් පක්ෂයකට ආපසු දීමට නොවන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“තෙල් නැතිව හිටපු, වාහන ගෙන්වන්නේ නැතිව හිටපු, ණය වාරික ගෙවන්නෙ නැතිව බංකොලොත්වෙලා හිටපු රටක් මේ ඇවිල්ලා අවුරුදු දෙකට අපි කෝටි 500ක ණයත් ගෙවලා ඩොලර් කෝටි 670ක් ඉතුරුත් තියෙනවා විදෙස් සංචිතවල, පිටරටවලින් බඩු ගේන්න. ඒ නිසා අපි ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. අපිට විදේශ සබඳතා නෑ කියලා කිව්වා. දැන් අපේ රටට ආවෙ ගියෙ නැති කවුද ඉන්නෙ ? කල්පනා කරලා බලන්න. ඒ අස්සෙ අපි බැලුවා රාජ්‍ය සේවයේ ලොකු අවුලක් තියෙනවා. හැබැයි මේ අවුරුදු එකහමාරට අපි 110,000ක් රාජ්‍ය සේවයට එකතු කරගන්න දැන් තරග විභාග තියනවා, ඉන්ටවීව් තියනවා. සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලො තෝරාගන්නවා. ඒ විදියට හැමතැනම දෙන්න පුළුවන් හැම පහසුකමක්ම ජනතාවට ලබාදෙමින් යනවා.

අපිට කිව්වා හොරු එහෙම අල්ලනවා වේගවත් නෑ කියලා. කවදාවත් හිතුවාද රනිල් වික්‍රමසිංහට උසාවි යන්න වෙයි කියලා ? කවදාවත් හිතුවාද මෛත්‍රීපාලලා උසාවි එයි කියලා ? එස්. එම්. රංජිත්ලා හිරේ යයි කියලා හිතුවාද කවුරුත් ? මහජන දේපළ අවභාවිතාව. රටේ මිනිස්සු අපිට තුනෙන් දෙකක් දුන්නෙ නිකම් නෙවෙයි, හොරකම නවත්වන්න, හොරුන්ට දඬුවම් දෙන්න, හොරකම් කරපුවා ගන්න. නීති නැත්නම් නීති හදන්න කිව්වා. නඩු යනවා, සමහර නඩු ටිකක් ප්‍රමාදයි වගේ දැනෙනවා නේද ? නඩු ඇහෙන්න ඕනෙ. නීතීඥයින්ට, උසාවිවලට, විනිසුරුවරුන්ට ඒ පහසුකම් තියෙන්න ඕනෙ. අපේ රටේ අධිකරණවල කාර්යක්ෂමතාවය ඇතිකරන්න, තව මහේස්ත්‍රාත් අධිකරණ ටිකක් දාන්න, අත්දැකීම් තියෙන විනිසුරුවරුන්ට තව ටිකක් කාලය දෙන්න, මේ ඔක්කොම හිතලා 22 වැනි සංශෝධනය ගෙනල්ලා තියෙන්නෙ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් වැඩිකරන්න.

අපිට ජනවරමක් තියෙනවා. අපි කියනවා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් වැඩිකළාට කමක් නෑ. ලෝකෙ සමහර රටවල් තියෙනවා 70යි, 72යි, 75යි, මැරෙනකල් … එහෙමත් තියෙනවා සමහර රටවල්. අපි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සම ප්‍රවේශී අධිකරණ පද්ධතියක් ඇතිකිරීමට උපරිම මැදිහත්වීමක් කරලා තියෙනවා.

අපි ආණ්ඩුවක් ගත්තේ අවුරුදු පහකින් අවුරුදු දහයකින් දීලා යන්න නෙවෙයිනෙ. නඩු ටික අහලා ඉතුරුවෙයිද දන්නෙත් නෑ කට්ටිය නේද ? සමහරවිට ඇතුළෙ ආණ්ඩුවක් හදන්න ඉන්නවාද දන්නෑ කට්ටිය. ජනතාවට තියෙන ප්‍රශ්න ටික විසඳලා ඉවර වෙනකොට අපේ රට පොහොසත් රටක් වෙනවා. ඒ රටේ අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...