ක්‍රීඩාව මගින් සමාජ පරිවර්තනයක් කළ හැකි සවිඥානික මිනිසුන් පිරිසක් බිහි කිරීමේ වැදගත්කම..

ලංකාවේ බොහෝ දෙනෙකුට ක්‍රීඩාව සෙල්ලමකි. අපි විවිධ දේ සෙල්ලම් ලෙස හඳුන්වමු. ඒවා අතිශයින් සරලය. ඒ සරල මිම්මෙන්ම බර විද්‍යාත්මක පදනමක් සහ පසුබිමක් ඇති ක්‍රීඩාව ද අපි මැන ගන්නෙමු. ක්‍රීඩාවේ දක්ෂයනට ක්‍රීඩාව වෙනුවට වෙනත් මාර්ග තෝරා ගන්නට සිදු වීම ද සුලබ තත්ත්වයකි. ඇතැමකු ස්ව ශරීරයේ තිබෙන ක්‍රීඩා කෞශල්‍යය ගැන නොදැන ක්‍රීඩාවට කිසිසේත්ම නොගැලපෙන තැනෙක මියයන තෙක්ම සිටින්නට ඉඩ ඇත.


පාසලක් ගත්තත් සමහර ගුරුවරු ක්‍රීඩා කරන ක්‍රියාශීලී දරුවන් දෙස බලන්නේ ‘අපොයි මුන්ට තියෙන දාංගලයක්‘ කියා අමුතු විදිහටය. ගෙදරින් දඟ නිවා එවන දරුවන් ද තම ශරීර අභ්‍යන්තරයේ සිටින ක්‍රීඩකයාට මතු වන්නටවත් නොදී හංගා ගන්නේ, දඟයන් ලෙස හංවඩු ගැසෙන්නට,කොන් වන්නට අකමැති නිසාය.


සමාජය, ක්‍රීඩාව එක්ක පැටලී ඇති මේ අවුල ගැන සිතන්නට හේතු නිතරම හමුවේ. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයකදී වුව ඇඳුමේ, කොණ්ඩයේ සිට විශාල නීති සංග්‍රහයක පීඩනයට ලක් වන්නට සිදුවන දක්ෂයන් ද අපි දැක ඇත්තෙමු. විලාසිතාවක් නැති, දඟකාරකමක් නැති , ක්‍රියාශිලී නැති, ඉතාම අහිංසක තැන්පත් දරුවන් පාසලෙන් ක්‍රීඩාවට දායාද කිරීමට දරන උත්සාහයද රටේ ක්‍රීඩාවේ ජාතික තලය පෝෂණය නොවන්නට එක් හේතුවක් විය හැකිය. ඒ ගැන විවේචන තිබිය හැකිය. ළමයි සිටිය යුත්තේ මෙහෙමයි කියා කෝවක අච්චුවක දරුවන් හදා, තමන්ගේ පෞරුෂයක්, අභිමානයක් ලෙස ප්‍රදර්ශනය කරන්නට කැමති අය සිටින්නට පුළුවන් බව අපි දනිමු. එවැනි අයට අනාගත පුරවැසියා සකස් කරන කටයුත්ත පැවරූ විට ස්වාධීන නොවන, නිර්මාණශීලී නොවන, ක්‍රියාකාරී නොවන පුද්ගලයන් සමාජයට ඉතිරි වනු ඇත. ලංකාවේ දේශපාලන පක්ෂ පාක්ෂිකයන් ලෙස ගොඩ ගසා ගන්නේ මේ ආකාරයට සකස් කරනු ලබන පුරවැසියන්ය.
ඒවා වෙනස් කර හරියට ක්‍රීඩාවට යොමු වන මිනිස්සු සහ එයින් සමාජය වෙනස් කළ හැකි මිනිස්සු තනන්නට සිතන මිනිස්සු ක්‍රීඩාවට අවශ්‍යය වන්නේය.

රටක ක්‍රීඩාව දියුණුවීමට වින්දනයක් තර්කයක් ඇති ක්‍රීඩාව විද්‍යාත්මකව විග්‍රහයට ලක්වෙන සමාජයක් අවශ්‍යය වන්නේය.එයට සාහිත්‍යමය දේශපාලනමය ප්‍රවේශයක් අවශ්‍යය වන්නේ එබැවින්ය.ඒ වටිනාකම ඇති කිරීමට අවශ්‍යයතාවය පිරවීමට ‘හුරේ දාපු උරේ කවි‘ මෙන්ම වෙඩිල්ලා ද සුළුවෙන් හෝ දායක වෙනු දැකීම අපේක්ෂාවයි.හෛාඳම දේ නොවිය හැක.ඒත් සමාජයට හොඳම දේ සොයා යන්නට එය යම් තරමකින් හෝ මාර්ගය සකස් කර දෙන්නේනම් එය වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...