රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සේවය කරමින් සිටියදී හදිසියේම අතුරුදන්ව තිබූ අතර මෙම වෛද්‍යවරයා සොයා පොලීසිය සහ හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.
ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව, ඔහුගේ මෝටර් රථය මාපාකඩවැව ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී මුලින්ම හමු විය.
ඉන්පසුව සිදුකළ වැඩිදුර සෝදිසි කිරීම්වලදී, ඔහුගේ මළසිරුර එම ප්‍රදේශයේම තිබූ ගලක් මත තිබී අද දින සොයාගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ අංශ විසින් දැනට විධිමත් පරීක්ෂණ පවත්වනු ලබයි. මෙය වෛද්‍ය ක්ෂේත්රයට මෙන්ම ප්‍රදේශවාසීන්ටද මහත් කම්පනයක් ගෙන දුන් ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැකිය.
සබැඳි පුවත්,


