රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ,දෙවන දිනය අද ක්‍රියාත්මක වේ.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන අතර, ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා සිටියදී තරගය තාවකාලිකව නතර කෙරිණි.
පිතිකරණයේදී ඉන්දීය ක්‍රීඩක දේව්දත් පඩික්කල් ශතකයක් රැස් කළ අතර නායක ශුබ්මන් ගිල් අර්ධ ශතකයක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.


