සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදා හැර තිබේ.

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනයකට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමක් අද (24) සලකා බැලීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදා හැර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

එමෙන්ම මන්ත්‍රීවරයාට විදේශ ගමන් අධිකරණයේ අවසරය නොලබා යාම තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...