සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමටයි.
ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි.
තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් , උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීමට ද තීරණය කර ඇත.
තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් තීරණය කර ඇති අතර , සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??