*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අද නොවේ හෙටට වටින ජයක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයේ සිය ප්‍රථම ටෙස්ට් තරගය කඩුලු 3 ක් ජයග්‍රහණයෙන් නිමා කර ඇත.කලකට පසුව ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොඳම තරුණ ක්‍රිකට් කණ්ඩායමක් හැටියට මෙම කණ්ඩායම හඳුන්වන්නට වෙන්නේ මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුත් යොවුන් කණ්ඩායමේ දිගුවක් ලෙස මේ කණ්ඩායම ගෙනය.දුනිත් බොහෝ කාලයකට පසුව ශ්‍රී ලංකාව පාසල් ක්‍රීඩකයෙක් ලෙස නියෝජනය කරන්නට සුදුසුකම් ලද ක්‍රීඩකයාය.එය හුදෙක් දුනිත් පෞද්ගලිකව ලද ජයක් නොවන අතර ඔහුට ලැබුණු කණ්ඩායම තුළ පහසුවෙන් ක්‍රීඩා කරන්නට ලැබුණ විශ්වාසයත් එයට විශාල බලපෑමක් එකතු කළේය.
ඒ ඇත්තේ සහ ශක්තියේ පිළිඹිඹුව ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එංගලන්තයට එරෙහිව මේ ජයග්‍රහණය වාර්තා කළහ.කාලයක සිට ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයෝ නිවැරදිව ජාතික තලයට තල්ලු කරන්නට මෙන්ම,හරිම යෞවනයා තෝරා ගැනීම ද සිඳුවෙමින් පවතින බවට යම් ඉඟියක්ද මේ තුළින් මතුව පෙනෙන බැවින් ඒ සඳහා පෙරමුණ ගත් යොවුන් තේරිම් තමිටුවද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුව ඇත.(සමහර විට ක්‍රිකට් ආයතනය වෙනුවට ඉදිරියේදි ජාතික ක්‍රීඩා සභාව වැඩ කිරිමට ඇති ඉඩ දැක ඉහත වචන බරට තබන්නේ තරහා පිරිමසා ගැනීමේ විනාශය සහ අඩුපාඩු සැකසීමේ ආදරය යන දෙකම එකක් ලෙස ගැනීම බොහෝ අයගේ සම්ප්‍රදායික ගති ලක්ෂණයක් වන බැවින්ය.)
කෙසේ හෝ සංචාරය ආරම්භයේ සටහන් කළ මේ ජයම වැරදි අන්දමේ විශ්වාසයකින් ස්වීය ශක්තිය ගැන සිතා කටයුතු කරන්නට පෙළඹ වුවහොත් සියල්ල කණපිට හැරෙන්නට හැකිය.එංගලන්තය පහසුවෙන් පරාජය නොකළ තරගයක් වූ මෙම ජයග්‍රහණයේ වැඩි ගෞරවය රනුද සෝමරත්නගේ ශක්තිමත් ඉණිමට හිමි විය යුතුය.සිව්වන ඉණිමක ලකුණු 276 ක් යන්න පහසු ඉලක්කයක් නොවන්නේය.එය සනාත කරමින් ප්‍රථම ඉණිමේ එංගලන්ත යොවුන් ක්‍රීඩකයන්ගේ ලකුණු 387 ක ඉලක්කයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකාව ලකුණු 407 ක් ලබා ගත්තත් දෙවන ඉණිමේ කඩුලු පහක්ම ලකුනු 96 දී අහිමි විය.නමුත් තෙවන කඩුල්ල දැවිමෙන් පසු පිටියට ආ රනුද සෝමරත්නගේ හිත වැඩ කළේ එම ලකුණු හඹා යාමෙන් මිදී කඩුල්ල බේරාගෙන තරගය ජය පරාජයෙන් බේරා ගැනීමේ උවමානවෙන් නොවේය.එම අභියෝගය ජයගැනීමට හැකි එකක් බවට ඇති කර ගත් දැඩි විශ්වාසයෙන්ය.ඊට පසු පෙළ යනු නිකම්ම පිති වනන්නන් නොවන බවට කළෙක පටන් ඔහු තුළ තිබුණ විශ්වාසයද දැඬිව බලපාන්නට ඇත.
හයවන කඩුල්ලට ලහිරු චේතක දවටගේ ඒ සඳහා හොඳ සහයක් ලබා දෙමින් රනුද සමඟ හයවන කඩුල්ලට ලකුණු 89 ක් එක් කළේය.පන්දු 49 දී ලකුණු 49 ක් ලබා ගෙන ඉලක්කයට නියමිත කාලයට පෙර ළඟා වීමට දවටගේ දුන් සහය අති විශිෂ්ඨ එකක් විය.පන්දු ඕවර් 13. 2 දී වාර්තා වූ මෙම ලකුණු ප්‍රමාණයෙන් ඉනික්බිති විනුජ රාම්පෝල් සමඟ හත්වන කඩුල්ලට රනුද එකතු කර ලකුණු 42 සබඳතාවයද වාර්තා වූයේ පන්දු ඕවර් අටකදී ය.කඩුලු හතක් අහිමිව ජය සහ පරාජය අතර දෝලනය වෙමින් තිබියදී ද රනුද සිය ආක්‍රමණය අත් නොහැර අංක නවයේ පිතිකරු ලෙස පිටියට පිවිසි වනුජ සහන් සමඟ පන්දු ඕවර් 7 ක් ගෙවෙන තැන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාත කලේය.වනුජ පන්දු 23 න් ලකුණු 23 ක් ලබා අවශ්‍යයම මොහොතේ පීඩනයට එරෙහිව පසුපෙළ පිතිකරුවෙක්ගෙන් සිඳු විය යුතු යුතුකම ඉටු කළේය.
වීරයෙක් නම් නොවුණු මේ තරගයේ වීරයා විය යුත්තේ නිතැතින්ම රනුද ය.ඔහු ප්‍රථම ඉණිමේ දී ලකුණු 65 ක් ඒ කළේය.එසේම ශ්‍රී ලංකා පළමු ඉණිම ශතකයකින් හැඩ කරමින් ලකුණු 132 ක් ලැබූ අසිත වන්නිනායක සමඟ එම ඉණිමේ හොඳම සබඳතාවය වූ ලකුණු 137 ක සබඳතාවයක් සිව්වන කඩුල්ල වෙනුවෙන් තබන්නටත් රනුද සමත් විය.රනුද ගේ දැවියාමෙන් පසුව ලකුණු 270 දී පිටියට පිවිසි නායක රවින් ද සිල්වා අටවන කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 402 දී වන අතර ඔහු ලකුණු 62 ක ඉවසිලිවන්ත ඉණිමකින් එංගලන්ත ලකුණු පූවරුව ඉක්මවා යන තෙක් කඩුල්ලේ රැදෙමින් ක්‍රියා කළ ආකාරයද නායකත්වයට සුදුසු ඉණිමකි.
පන්දු යැවිමේදි එංගලන්ත තණතිල්ලේ හැඩයට හැඩ ගැසෙමින් කැපි පෙණුන පන්දු යවන්නා වූයේ දුවිඳු රණතුංග ය.ඔහු පළමු ඉණිමේ ලකුණු 100 ට කඩුලු 4 ක් සහ දෙවන ඉණිමේ ලකුණු 34 ට නඩුලු 3 ක් ලබමින් දස්කම් අතර රැඳිණි.වනුජ සහන් ද පළමු ඉණිමේ ලකුණු 56 ට කඩුලු 2 ක් සහ දෙවන ඉණිමේ දී ලකුනු 89 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් විය.
එංගලන්ත යොවුන් කණ්ඩායමේ පිතිකරු නාමාවලියේ ශ්‍රී ලංකාවට වඩාත්ම හිසරඳය වූ රොස් වයිට්ෆීල්ඩ් ප්‍රථම ඉණිමේ ලකුණු 86 ක් ද දෙවන ඉණිමේ දි ලකුණු 110 ද ලබා ගත්තේය.ජෝර්ජ් බෙල් ද එංගලන්ත පළමු ඉණම ලකුණු 107 න් හැඩ කරමින් හොඳ ඉණිමක් දියත් කළේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan