රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද ආරාධනා පත්‍රය නිල ආරාධනාවක්ද නැද්ද යන්න පිළිබඳව පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව තිබිණි.

ඒ අනුව එම ආරාධනා පත්‍රය පිළිබඳව එම විශ්වවිද්‍යාලයෙන් නැවත තහවුරු කිරීමක් ලබාගත යුතු බවට ද සංවාදයක් මතුව තිබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද මෙම ආරාධනා පත්‍රය පිළිබඳ සැකයක් අධිකරණය හමුවේ මතුකර තිබිණි.

මේ දිනවල එංගලන්තයේ විශ්වවිද්‍යාල සැප්තැම්බර් මස අග දක්වා නිවාඩු දී තිබේ. එමෙන්ම වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා මීට දින කිහිපයකට අභාවප්‍රාප්ත වී තිබිණි. ( ඔහු වසර 25ක් තිස්සේ එම තනතුරේ කටයුතු කළ අයෙකි. ) මේ හේතුවෙන් එම ආරාධනා පත්‍රය පිළිබඳ කරුණු තහවුරු කරගැනීම සම්බන්ධයෙන් පැවතියේ අවිනිශ්චිතතාවකි.

එහෙත් මේ ගැටලුව විසඳීම සඳහා වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයා සිය නිවාඩු අවලංගු කර අද (26) උදෑසන එම විශ්වවිද්‍යාලයට පැමිණීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම අදාළ තහවුරු කිරීමේ ලිපිය භාරගෙන අවශ්‍ය කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයකු ද එම විශ්වවිද්‍යාලය වෙත ඊයේ (25) රාත්‍රියේම ගොස් ඇති බවත් ඒ අනුව අද දිනයේදී මෙම ආරාධනා පත්‍රය පිළිබඳ ආන්දෝලනය අවසන් වනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...

පෙන්ටගනය විසින් චිකාගෝ සහ නිව්යෝර්ක්හි විශේෂ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...