පෙරපාසල් අධ්‍යාපනයටත් ප්‍රතිපත්තියක් අවශ්‍යයි – ඇමති සුසිල්

Date:

කොළඹ LNW: පෙරපාසල් අධ්‍යාපන සඳහා ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙර පාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්‍රවේශ වන අතර ඒ තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙරපාසල් අධ්‍යාපන සඳහා ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

“පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති වගකීමක්. පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණයි. ඒ අනුව මෙම පෙරපාසල් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ වැදගත්කමක් තියෙනවා. එම ප්‍රතිපත්ති තීරණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව කාර්යක්ෂ්මවත් ඵලදායීවත් ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරනවා. එසේම ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත ගුරුවරුන් ද ඉතා විධිමත් ගුරු පුහුණුවක් ලබා ජාත්‍යන්තර මට්ටමට උචිත වන අන්දමින් දැනුමින් පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනයකින් ද පොහොසත් විය යුතුයි. ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර එක ම ගුරු පුහුණු විශ්වවිද්‍යාලයක් මගින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමු කිරීමට කටයුතු කරනවා. ඒ අනුව 2028 වන විට නුපුහුණු හා උපාධියක් නොමැති කිසි දු ගුරුවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඉන්න විදිහක් නැහැ” යි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...