සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ඉදිරි දෙසතිය තුළ, හිඟව පවතින තවත් ඖෂධ වර්ග 50 ක් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර ඉන්පසුව ඖෂධ හිඟය තරමක් දුරට පාලනය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
අමාත්‍යාංශය පැවසූවේ , මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 230 ක හිඟයක් පවතින අතර ,එම සියලු ඖෂධ කඩිනමින් ඇනවුම් කර ආනයනය කිරීමට නියමිත ඇති බවයි. ඒ සඳහා ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ සහය ලබාගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??