ත්‍රිකුණාමලයේ විහාරයක් සඳහා පනවා තිබූ නියෝගයක් ඉවත් කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සිදුකළ විරෝධතාවකින් අනතුරුව,  ත්‍රිකුණාමලය, බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අත්හිටුවමින් මීට පෙර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා අද (28) තීරණය කළේය.

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ නවත්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් ගෝකණ්නපුර සුරැකීමේ සංවිධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට අද පැමිණ තිබුණු අතර එලෙස පැමිණි පිරිසට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට අවස්ථාව නොලැබීමත්  සමග එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

පසුව භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ත්‍රීකුණාමලය – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණු අතර පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසකට අවස්ථාව හිමිවී තිබුණි.

ඒ වන විට දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම එහි පැවැත්වෙමින් තිබූ අතර ඒ නිසා පැය දෙකක පමණ කාලයක් එහි රැඳී සිටීමට භික්ෂූන් වහන්සේලාට සිදුව ඇති අතර , එහිදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිස දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවති ශාලාවට ඇතුළුවීමත් සමඟ එහි නොසන්සුකාරී තත්ත්වයක් හටගෙන තිබුණි .

ඉන් අනතුරුව  පැය 04 ක පමණ කාලයකින් පසු උන්වහන්සේලාගේ ඉල්ලීම වූ අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය ආණ්ඩුකාරවරයා නිකුත් කිරීමෙන් පසු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස විසිර ගිය බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...