හැරිස්ගේ කාන්තා ප්‍රජනන අයිතීන්, දේශගුණික විපර්යාස යෝජනාවන්ට ව්‍යපරිකයන් අතර වැඩි ප්‍රමුඛත්වයක්

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 29: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ඩිමොක්‍රටික්ස් ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ ජනාධිපති මැතිවරණ ව්‍යපරයට සහය දක්වන ව්‍යාපාර ධනපතියන් ඊයේ(28) දිනයේදී ලැයිස්තුගත කරන ලද ප්‍රමුඛතාවයන් අතරින් කාන්තා ප්‍රජනන අයිතීන් හා දේශගුණික විපර්යාස මෙන්ම සිලිකන් නිම්නයේ කර්මාන්තය සමඟ සම්බන්ධ වීමට හැරිස්ට විවෘත තාක්ෂණික දැනුමක් ඇති අපේක්ෂකයෙකු වශයෙන් ඇයගේ දැක්මට වැඩි ප්‍රමුඛත්වයක් දක්වන බව රොයිටර් වාර්තා කර තිබේ.

මෙහිදී ව්‍යාපාර ධනපතියන් 800 පමණ එක්ව හැරිස්ට සහය දක්වන බවට ඒකමතිකව ලිපියක් අත්සන් කළ අතර ඉන් සියලුම දෙන කාන්තාවගේ සිරුරේ අයිතියට අභියෝග කළ Roe v. Wade අවලංගු කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබිණි.

මිට අමතරව AI සම්බන්ධයෙන් හමුදා සහ සිවිල් පැත්තෙන් කුමක් කළ යුතුද යන්න දන්නා, ඉදිරියට එන දේ දන්නා රජයේ බුද්ධිමත්ම පුද්ගලයින් අපට අවශ්‍ය බව මෙහිදී “The Lean Startup” හි ව්‍යවසායකයෙකු සහ කතුවරයෙකු වන Eric Ries විශේෂයන්ම සඳහන් කර තිබිණි.

හැරිස්ගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික සහායකයන් අතර ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk සහ Marc Andreessen සහ Ben Horowitz ඇතුළු ප්‍රමුඛ ව්‍යාපාර ධනපතියන් මෙන්ම ට්‍රම්ප්ගේ උපනායක J.D. වැන්ස්, ඇමරිකාව දකුණට තල්ලු කිරීමේ අරමුණින් තාක්ෂණික පරිත්‍යාගශීලී ජාලයක් ආරම්භ කළ ව්‍යාපාරික ධනපතීන් බවයි රොයිටර් වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...