රාජ්‍ය සේවය කප්පාදු කරන්න ජනාධිපති යෝජනා කරද්දී තවත් පිරිසකට පත්වීම් දෙන්න අගමැති යෝජනා කරයි

Date:

උපාධිධාරීන්ට පත්විම් ලබාදීමේදී අසාධාරණයට ලක් වූ උපාධිධාරීන් පිරිසට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී මතුකළ ගැටලුවකට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

විවිධ අඩුපාඩු හේතුවෙන් උපාධිධාරීන් 461 කට පත්වීම් ලබාදී නොමැති බව පෙන්වා දුන් විපක්ෂ නායකයා, මෙම පිරිසට සාධාරණය ඉටු කිරීමට ගන්නා පියවර මොනවාදැයි අගමැතිවරයාගෙන් විමසා සිටියේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස තමන් මේ පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කළ බව පෙන්වා දුන් අගමැතිවරයා සඳහන් කළේ හැකි ඉක්මනින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...